IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ආයෝජක හමුව මාර්තු 27 - 28 කොළඹ දී

යොහාන් භාසුර -භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජක හමුව 2025 මාර්තු 27 සහ 28 යන දිනවල කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. 

මෙම වැඩසටහන සඳහා රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන්, නියාමකයන්, ප්‍රමුඛ ලැයිස්තුගත සමාගම්වල නියෝජිතයන් සහ කොටස් තැරැව්කාර සමාගම් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වීමට නියමිත අතර, කඩිනමින් සංවර්ධනය වෙන ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු හැකියාව පිළිබඳ ඒකාබද්ධ දැක්මක් ඒ හරහා ඉදිරිපත් වනු ඇත. 

දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළවල ප්‍රධාන පාර්ශවකරුවන් මීට සහභාගී වනු ඇති අතර, අන්‍යෝන්‍ය වර්ධනයට හේතු වන සම්බන්ධතා සහ හවුල්කාරිත්වයන් සඳහා එය හේතු වනු ඇත. 

මෙම පිරිස අතර විදේශීය ආයතනික ආයෝජකයන් සහ අරමුදල් කළමනාකරුවන්, දේශීය අරමුදල් කළමනාකරුවන් සහ ආයතනික ආයෝජකයන් මෙන්ම ප්‍රමුඛ කර්මාන්තකරුවන් ද අයත් වන අතර, මෙය අර්ථවත් සංවාද සහ සහයෝගීතාව වෙනුවෙන් වෙන්වූ වේදිකාවක් වනු ඇත.  



අදහස් (0)

‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ආයෝජක හමුව මාර්තු 27 - 28 කොළඹ දී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 193 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 752 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site