IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


‘‘කරන්ට් බඩු”‍ රට පටවන මෙහෙයුම ඇරඹේ

සුජිත් හේවාජුලිගේ


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි උපකරණ සහ උපාංග නිෂ්පාදන සමාගමක් වන The ME Group චීනයේ හොඳම විදුලි උපකරණ සහ උපාංග නිෂ්පාදන සමාගම් සියය අතර සිටින Devolt Electric Limited ආයතනය සමඟ එක්ව විදුලි නිෂ්පාදන අගය එකතු කර ප්‍රති අපනයනය කිරීමේ ව්‍යාපාරයක් ඉකුත්දා ආරම්භ කළේය.

මෙයට අමතරව එම චීන සමාගම නිෂ්පාදනය කරන විදුලි උපකරණ 108ක් මෙරටට ගෙන්වා බෙදා හැරීමටද කටයුතු ආරම්භ කළ බව The ME Group සමාගම් සමූහයේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා පැවසීය.
තම සමාගමේ නිෂ්පාදන ලොවපුරා රටවල් ගණනාවකට අපනයනය කෙරෙන බවත් එය වඩාත් වැඩිදියුණු කරමින් Dvolt  සන්නාමය යටතේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් ආදායම් ගෙන්වා ගැනීමට සිය ව්‍යාපාරය පුළුල් කරන බවත් ඔහු සඳහන් කළේය.

මෙම නව ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේදී පෙරේදා(10) පැවැත්විණ.

ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ මහා පරිමාණ අංශයේ හොඳම වෙළඳ සන්නාමය ලෙස Devolca ගෞරව සම්මානයට පාත්‍ර වූ බවද මෙහිදී ප්‍රකාශ විය.

මෙම උත්සවයට කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය එම්.සී සපුමලගේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ සහ The ME Group ආයතනයේ උපසභාපතිනි කුමාරි සමරවික්‍රම,අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ෂෙහාන් සමරවික්‍රම, සෙනිත් සමරවික්‍රම සහ සෙනාල් සමරවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ. 



අදහස් (0)

‘‘කරන්ට් බඩු”‍ රට පටවන මෙහෙයුම ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 207 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site