IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


DIMO හෙල්ත්කෙයා ඩර්ඩන්ස් රෝහලේ හෘද රෝග සත්කාර සේවා ඉහළ නංවයි

  • හෘද රෝග ප්‍රතිකාර ක්‍රමයේ සන්ධිස්ථානයක්
  • කැපී පෙනෙන අතිනවීන තාක්ෂණයක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරටElectrophysiology (EP) පද්ධතියක් ක්‍රියාත්මක කළ ඩර්ඩන්ස් රෝහල සිය EP පද්ධතිය DIMO Healthcare හරහා නවතම Abbott WorkMate Claris 2D පද්ධතියකට වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබේ. මේ තුළින් අක්‍රමවත් හෘද රිද්මය පහසුවෙන් හඳුනා ගනිමින් ඒ සඳහා සුදුසු කඩිනම් ප්‍රතිකාර ලබාදීම සඳහා මනා සහයක් මෙම WorkMate Claris 2D පද්ධතිය ඔස්සේ ලබා දෙයි.
මෙම අතිනවීන පද්ධතිය ඔස්සේ ආරක්ෂිත සහ වඩාත් ඵලදායී ප්‍රතිකාර ලබාදීම සහතික කරන අතර හෘද ප්‍රතිකාර පිළිබඳ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි. එපමණක් නොව, මෙමගින් තිරසාර රෝගී කළමනාකරණය පිළිබඳ ප්‍රමුඛත්වය දෙමින් දිගුකාලීන ප්‍රතිලාභ සහිත ගුණාත්මක සත්කාර පිරිනමනු ලැබේ. 
ජාලයක් හරහා ආරක්ෂිතව සජීවී දර්ශන බෙදා ගැනීමට Abbott WorkMate Claris 2D පද්ධතිය සතුව ඇති සුවිශේෂ හැකියාව මෙහි කැපීපෙනෙන ලක්ෂණයකි. එමගින් වෛද්‍යවරුන් අතර ගෝලීය වශයෙන් සජීවී සහයෝගීතාවක් ගොඩනගා ගැනීමට අවස්ථාව ලැබෙන අතර බාධාවකින් තොරව උපදේශන කටයුතු සහ ප්‍රතිකාර සඳහා යොමුකිරීම් හරහා ප්‍රතිකාරවල නිවැරදි බව ඉහළ නංවයි.
 
Abbott, Siemens Healthineers, සහ Carl Zeiss වැනි ගෝලීය වශයෙන් කීර්තිමත් වෛද්‍ය උපකරණ සන්නාම පිළිබඳ දේශීය නියෝජිතයා ලෙස DIMO Healthcare විසින් දක්වා ඇති ප්‍රවීණත්වය සහ විශ්වසනීයත්වය, සෞඛ්‍ය අංශය තුළ අති නවීන තාක්ෂණය රැගෙන ඒම පිළිබඳ සමාගමෙහි කැපවීම ද ඩර්ඩන්ස් රෝහල සිය නවතම EP පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා DIMO Healthcare තෝරා ගැනීමට හේතු වී ඇත. 
මේ පිළිබඳව අදහස් දක්වමින් ඩර්ඩන්ස් රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා මෙසේ පැවසුවේය. “රෝගීන් සඳහා වඩාත් නව්‍ය සහ දියුණු සෞඛ්‍ය සේවාවක් ලබාදීම කෙරෙහි අප රෝහල දක්වන කැපවීම පිළිබඳ මනා සාක්ෂියක් මෙම Abbott WorkMate Claris 2D පද්ධතිය ස්ථාපනය කිරීම ඔස්සේ සපයනවා. රෝගීන්ගේ හෘද ස්පන්දන රටාවේ අසාමාන්‍යතා නිවැරදිව හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සැපයීමට මෙම අතිනවීන තාක්ෂණය බෙහෙවින් ඉවහල් වෙනවා.”‍ 
DIMO Healthcare හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රයන්ත දිසානායක මහතා මේ පිළිබඳ ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. “අපගේ ඉලක්කය වන්නේ ඉහළම මට්ටමේ වෛද්‍ය තාක්ෂණික පහසුකම් DIMO Healthcare හරහා ශ්‍රී ලංකාවට හඳුන්වා දීමයි. ඩර්ඩන්ස් රෝහලේ Abbott WorkMate Claris 2D පද්ධතිය ස්ථාපනය කිරීම ඔස්සේ විශිෂ්ට රෝගී සත්කාර ලබා දීමට අවශ්‍ය සම්පත් සැපයීම සඳහා වන අපගේ කැපවීම මැනවින් ප්‍රදර්ශනය වෙනවා. මෙවැනි ප්‍රවේශ ඔස්සේ නිරෝගිමත් ජාතියක් ගොඩනැගීම සහ අපගේ ප්‍රජාවගේ සිහින සහ අභිලාෂ බලගැන්වීම අපගේ මූලික පරමාර්ථයයි.”‍



අදහස් (0)

DIMO හෙල්ත්කෙයා ඩර්ඩන්ස් රෝහලේ හෘද රෝග සත්කාර සේවා ඉහළ නංවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site