IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පැවති ණය පියවීමට අලු‍තින් ණය නොගත්තා නම් රට බංකොලොත් වන්නේ මීට කලින්

භානුක අමරසිංහ
ශ්‍රී ලංකා ජාතන්තර ස්වෛරීත්ව බැදුම්කර හරහා සිදු කළ ණය ගැනීම් සිය ධුර කාලයේදී ඉහළ ගිය බවටත්, එය රටේ විදේශ විනිමය අරබුදයට හේතුවක් වූ බවටත් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු මහ බැංකු අධිපතිවරයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. 
මෙහිදී අදාළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබා ගත් ණය, ණය කළමනාකරණයට සහ රට මීට පෙර මූල්‍යමය කඩාවැටීමකින් වළක්වා ගැනීමට යොදා ගත් බවත් ඒ මහතා සඳහන් කරයි.
ආචාර්ය කුමාරස්වාමි මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ පළමු මහජන සංවාදමය අවස්ථාව වූ “A new Paradigm in macroeconomic management” හි ප්‍රධාන දේශනය කරමිනි.


ඒ අනුව පසුගිය කාලසීමාවේදී ක්‍රියාත්මක කළ මෙම ණය ගැනීමේ ක්‍රමෝපාය රට සතු ණය ගෙවීමේ හැකියාව පවත්වාගෙන යාම සඳහා යොදා ගත් අත්‍යවශ්‍ය යක්ෂයකු බවත් ඒ මහතා මෙහිදී පැහැදිලි කර දී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හිටපු මහ බැංකු අධිපති කුමාරස්වාමි මහතා, 2015 වසරේදී ශ්‍රී ලංකාව සතු වූ ඩොලර් බිලියන 5ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර ප්‍රමාණය 2019 දී ඩොලර් බිලියන 15ක් දක්වා තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි පෙන්වා දී තිබේ. එහෙත් මෙම ඉහළ යාමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්ම අලු‍ත් ණය ගැනීම් නොවන බවත්, කෙටි-කාලීන ඉහළ අවදානම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යොදා ගත් ඒවා බවත් ඔහු සඳහන් කරයි.
“මේ ඉහළ ඩොලර් බිලියන 10න්, ඩොලර් බිලියන 5ක්ම යොදා ගෙන තිබෙන්නේ ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමටයි. 2015 දී ශ්‍රී ලංකාව සතුව තිබුණේ ඩොලර් බිලියන 3.5ක වටිනාකමක් ගන්නා රුපියල් සුරැකුම්පත් පමණයි. පසුව අපි එය ඩොලර් මිලියන 600ක් දක්වා පහළට ගෙන ආවා. ඒ වගේම එවකට තිබූ ස්වැප් පහසුකමත් ඩොලර් බිලියන 2.5 සිට ඩොලර් මිලියන 500ක් දක්වා පහතට ගෙනාවා. මේ විදියට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවට විකල්ප ඉදිරිපත් කිරීම හරහා අපි සැලසුම් කළේ පිරිවැය අඩු කරමින් මූල්‍යමය ස්ථාවරත්වය දියුණූ කිරීමයි.” යනුවෙන්ද හිටපු මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැහැදිලි කර තිබේ.
මේ අතර 2019 වසරේ ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙරාතුව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර ප්‍රමාණය ඩොලර් බිලියන 4.5කින් ඉහළ දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඒ මහතා, එම අවස්ථාවේදී නව රජයක් යටතේ සිදුවන ප්‍රතිපත්තිමය වෙනස්වීමකට මුහුණදීම සඳහා වන ස්වාරක්ෂකයක් ලෙස එය යොදා ගැනීම අරමුණ වූ බවත් පවසා තිබේ. එම අවස්ථාවේදී නව රජය මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත්වීමත් සමගින්ම ප්‍රාග්ධන වෙළෙඳ පොළ වෙත ප්‍රවේශය අහිමිවීමේ අවදානමක් පැවතීම ඊට හේතු වූ බවත් ඔහු සඳහන් කරයි.



අදහස් (0)

පැවති ණය පියවීමට අලු‍තින් ණය නොගත්තා නම් රට බංකොලොත් වන්නේ මීට කලින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 207 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site