
ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී බැංකු කාණ්ඩයේ අනුශුරතාව හිමි කරගැනීමට සම්පත් බැංකුව සමත් විය. මෙම සම්මාන උළෙල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවැත්වුණු අතර, සම්පත් බැංකුවට හිමි වූ මෙකී ජයග්‍රහණයත් සමගින් විනිවිදභාවය, වගවීම මෙන්ම තිරසාර ව්‍යාපාරික භාවිත සම්බන්ධයෙන් බැංකුවේ අඛණ්ඩ කැපවීම වැඩිදුරටත් ඉස්මතු වූයේය.
2004 වසරේ සිට පැවැත්වෙන ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේදී ආයතනික වගකීම් පිළිබඳ ප්‍රමිතිගත කරමින් පාරිසරික, සමාජයීය සහ පාලනය (ESG) භාවිත පිළිබඳව, විනිවිදභාවයෙන් යුතුව තොරතුරු අනාවරණය කරන ආයතන ඇගයීමට ලක් කෙරේ. ඒ අනුව සම්පත් බැංකුව ලද මෙම පිළිගැනීම, ආයතනික වශයෙන් ඉහළම වාර්තාකරණ ප්‍රමිති පවත්වා ගැනීමට සහ ආයතනික උපායමාර්ග හා තිරසාරභාවය ඒකාබද්ධ කිරීමේ හැකියාවට හිමි වූ සුවිශේෂ ගෞරවයක් ලෙස කැපී පෙනේ. මෙම සම්මාන පිරිනැමීම හරහා තම තිරසාරභාවය පිළිබඳ වාර්තාකරණය වැඩිදියුණු කිරීමට මෙන්ම ගෝලීය ප්‍රමිතියට අනුකූලව ප්‍රජාවට සහ පරිසරයට තම ධනාත්මක බලපෑම පෙන්නුම් කිරීමට ආයතන හා සංවිධාන දිරිගැන්වෙනු ඇත.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය. “තිරසාරභාවය අපගේ ව්‍යාපාරයේ මූලිකම අංගයක් වන අතර, වගකිව යුතු බැංකුකරණයක් සඳහා එය මනා ප්‍රවේශයක් සපයනවා. මෙම පිළිගැනීම ඔස්සේ මූල්‍ය කාර්යසාධනයක් මෙන්ම පාරිසරික හා සමාජයීය යහපැවැත්ම වෙනුවෙන් බැංකුව දක්වන උනන්දුව වැඩිදුරටත් කැපී පෙනෙනවා. තිරසාරභාවය පිළිබඳ වාර්තාකරණයෙන් ආයතනික වගවීම් ප්‍රවර්ධනය කිරීමේදී, ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය සිදු කරන කාර්යභාරය අප අගය කරන අතරම, පාරිසරික, සමාජයීය සහ පාලනය (ESG) උදෙසා ධනාත්මක බලපෑමක් ඇති කිරීමේ අරමුණින් අපගේ තිරසාර වාර්තාකරණය අඛණ්ඩව සිදු කරගෙන යනවා.”
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සම්පත් බැංකුවට ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන