
නිමල කොඩිතුවක්කු
කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (11) කොළඹදී පැවසීය.
කර්මාන්ත අංශයේ තාක්ෂණික, වෙළෙඳ, නිපුණතා හා පාරිසරික ආදී ක්ෂේත්‍රවලට අදාළ කාලීන අවශ්‍යතා සපුරාගත හැකි වන පරිදි කර්මාන්ත ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අරමුණු කර ගනිමින් මෙම තීරණය ගෙන ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සඳහා දැනට පවතින 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති බැවින්, එකී පනත සංශෝධනය කිරීම සඳහා පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවූ බවත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පැවසීය. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වන විට එකී පනත සංශෝධනය කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර, පනත සංශෝධනය කිරීමේ කාර්යය සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීමේ අවශ්‍යතාව නීති කෙටුම්පත් සම්පාදක විසින් පෙන්වා දී ඇත.
2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනයට පියවර