IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


2024 ජාතික විකිණුම් සම්මාන උළෙලේදී හැටන් නැෂනල් බැංකුවට ජයග්‍රහණ රැසක්

පසුගියදා පැවති වාර්ෂික SLIM ජාතික විකුණුම් සම්මාන 2024 හිදී හැටන් නැෂනල් බැංකුව ගෞරවනීය සම්මාන හතක් තමන් සතු කරගනිමින් බැංකු අංශයේ සිය විශිෂ්ටත්වය නැවත වරක් පෙන්නුම් කළේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික විකිණුම් සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ සියලුම ව්‍යාපාර ක්ෂේත්‍රවල විකිණුම් වෘත්තිකයන්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරන ප්‍රධානතම සම්මාන උළෙලකි.
ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) HNB ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණය “සියලුම කර්මාන්ත” සහ “බැංකු කර්මාන්ත” යන කාණ්ඩ දෙකෙහිම බැංකුවේ බලපෑම සහ විශිෂ්ටත්වය මනාව පෙන්නුම් කරන අතර එය ජාතික විකුණුම් සම්මාන උළෙලේදී බැංකුව මෙතෙක් හිමි කරගත් සුවිශේෂම ජයග්‍රහණය ලෙස සඳහන් කළ හැකිය. එහිදී බැංකුව  “සියලුම කර්මාන්ත” යන කාණ්ඩය යටතේ සම්මාන තුනක් සහ “බැංකු කර්මාන්ත” යන කාණ්ඩය යටතේ සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.
එම සම්මාන රාත්‍රියේ විශේෂත්වය වූයේ HNB ව්‍යාපාර සංවර්ධන ඒකකයේ චතුර භාග්‍ය කොඩිකාර අනෙකුත් කර්මාන්ත 21 සඳහා නාමයෝජනා ලැබූවන්ට එරෙහිව තරග කරමින්, සියලුම කර්මාන්ත කාණ්ඩය සඳහා “වෙනත් විකුණුම් සහාය - සහකාර කළමනාකරු” සඳහා ලෝකඩ සම්මානය දිනා ගැනීමයි. 


මෙම සම්මාන උළෙලේදී “සියලු කර්මාන්ත” කාණ්ඩය යටතේ, උතුරු කලාපයේ කලාපීය ව්‍යාපාර ප්‍රධානී නිශාන්තන් කරුණායිරාජ් “කලාපීය විකුණුම් කළමනාකරු” කාණ්ඩයේ කුසලතා සම්මානයක් සහ HNB ලීසිං අංශයේ භාෂිත වීරසිංහ “Other Sales Support Staff - විධායක නොවන” කාණ්ඩයේ කුසලතා සම්මානයක් ද දිනා ගත්තේය. මෙයින් HNB හට බැංකුකරණය පමණක් නොව බැංකුවේ නම්‍යශීලීභාවය සහ අනුවර්තනය වීමේ හැකියාව පෙන්නුම් කරමින් විවිධ අංශවල සාර්ථක වීමට හැකියාව ද පෙන්නුම් කරයි.
බැංකු ක්ෂේත්‍රයේ පෙන්නුම් කළ කැපීපෙනෙන දක්ෂතා හේතුවෙන් HNB නිකවැරටිය පාරිභෝගික ඒකකයේ අකීල් අහමඩ් “විකුණුම් විධායක” කාණ්ඩයේ රිදී සම්මානය දිනාගත් අතර HNB ව්‍යාපාර සංවර්ධන ඒකකයේ ලක්ෂාන් හසිඳු තම සුවිශේෂ කුසලතා ප්‍රදර්ශනය කරමින් “විකුණුම් අධීක්ෂක” කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගත්තේය.
මීට අමතරව බැංකුවේ සාර්ථකත්වය උදෙසා දක්වන ලද දායකත්වය පෙන්නුම් කරමින් HNB SOLO ඒකකයේ දසුන් උතුරුවැල්ල “කලාපීය කළමනාකරු” කාණ්ඩයේ ලෝකඩ සම්මානය සහ HNB SOLO ඒකකයේ විශ්ව වෙලගෙදර “විකුණුම්කරණ ක්ෂේත්‍රයෙහි ඉදිරිපෙළ කණ්ඩායම්” කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගත්හ. මෙම ජයග්‍රහණ මගින් විවිධ විකුණුම් භූමිකාවන්හි HNB හි විශිෂ්ටත්වය මැනවින් පෙන්නුම් කරයි. 
තවද “සියලු කර්මාන්ත” කාණ්ඩය තුළ HNB හි විශිෂ්ටත්වය මෙම සම්මාන උළෙලේදී විශේෂයේ කැපීපෙනුණු අතර බැංකුව එම කාණ්ඩයට අදාළ සම්මාන පහෙන් තුනක් තමන් සතු කරගැනීම ඊට කදිම නිදසුනකි. මෙම ජයග්‍රහණය සියලු අංශ හරහා විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා HNB හි කැපවීම පිළිබිඹු කරයි.



අදහස් (0)

2024 ජාතික විකිණුම් සම්මාන උළෙලේදී හැටන් නැෂනල් බැංකුවට ජයග්‍රහණ රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site