IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සැලකිය යුතු අවාසියෙන් කොටසක් ආවරණය කරගනී

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු පෙරේදා (මාර්තු 12) නැවත පිබිදීමක් වාර්තා කරන ලද නමුත් පසුගිය සති දෙකක පමණ කාලය තුළ තිබුණ පසුබැසීම ආවරණය කරගැනීමට තරම් ප්‍රමාණවත් වූයේ නැත. දිනයේ ගනුදෙනු ආරම්භයේ සිට තරමක දෝලනයක් පැවැතියේය. එදින පස්වරුව වන විට මිල දී ගැනීම් සඳහා යුහුසුළු වූ අතර ඊයේ වෙළෙඳ පොළ නිවාඩු දිනයක් හා අද ගනුදෙනුවලට විවෘත වන අවස්ථාවේ දී තවත් වර්ධනයක් ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාව වූ බව පෙනිණ. 

ඇමරිකානු ජනාධිපතිවරයා ගේ අලුත් බදු ප්‍රතිපත්ති කෙරෙහි සැලකිල්ල යොමු කරමින් එරට ප්‍රධාන කොටස් වෙළෙඳ පොළ තියුණු පසුබෑමකට පත් වූ අතර යුරෝපා, ජපානය හා දකුණු කොරියාව දක්වා සඳුදා ගනුදෙනුවල දී එය පැතිරී ගියේය. කෙසේ වෙතත් කැනඩාව සඳහා පනවන ලද බදු සම්බන්ධ නියෝග ආපසු හැරවීමට සූදානම්වන බවක් දැක්වීම හේතුකොටගෙන ආයෝජන අංශ නැවතත් මිල දී ගැනීමට නැඹුරු විය. කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳාමේ විදේශ මිල දී ගැනීම් තවමත් ප්‍රමාණාත්මක වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැත. 

ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,861.14 තෙක් ඉහළ ගිය අතර එය දර්ශක 150.57 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,730.84 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 50.02 ක පහල වැටීමක් සේ දැක්විය හැකිය. 

ජෝන් කීල්ස් රු. මිලියන 197 ක්, සම්පත් රු. මිලියන 98 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 90 ක්, එල්. ඕ. එල්. සී රු. මිලියන 76 ක්, ලයන් බෲවරි රු. මිලියන 67 ක්, හේලීස්රු. මිලියන 60 ක්, සහ සියෙරා කේබල් රු. මිලියන 58 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි. 

වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 12,449 ක් වූ අතර එහි දී සමාගම් 197 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 46 කි. පෙරේදා දිනයේ වෙළෙඳ පොළ පිරිවැටුම රු. බිලියන 2.42 ක අගයක් වාර්තා කළේය. අද දිනයේ දී දේශීය සුළු ආයෝජකයෝ මිල දී ගැනීම් සඳහා උනන්දු විය හැකි පරිසරයක් නිර්මාණය වී ඇති බව පෙනේ. මිල ගණන් අඩු වී ඇති අතර කොටස් මිල දී ගැනීම සඳහා උනන්දුවක් දක්වනු ඇත. මධ්‍ය හා දීර්ඝ කාලීන ආයෝජන වශයෙන් මිල දී ගැනීම සුදුසු බව උපදේශකයෝ සඳහන් කරති.

නිරීක්ෂක



අදහස් (0)

සැලකිය යුතු අවාසියෙන් කොටසක් ආවරණය කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 208 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site