සංචාරකයන් අද්දන මැලේසියාවේ රාත්‍රි වෙළඳපොළ
නිරක්ෂයට යාව පිහිටි මැලේසියාව නිල්ල පිරුණු ගහකොළෙන් යුතු සුන්දර රාජ්‍යයකි. පොල්, තැඹිලි, තේක්ක, කැන්ද වැනි අපට හුරුපුරුදු ගහකොළෙන් යුතු මැලේසියාව රට මැදින් උස්ව නැගුණු කඳු වළල්ලකින්ද යුතුය. නිල්වන් ගහකොළෙන් හරිතවන් කුඹුරුයායෙන් සීතලෙන් සීතවුණු කඳු ගැටවලින් පිරුණු ශ්‍රී ලංකාව මැලේසියාවට වඩා සොබාව සෞන්දර්ය යෙන් අනූනය. එහෙත් මැලේසියාව තම රටේ සොබා සිරිය මැනවින් කළමනාකරණය කර විදේශ විනිමය උපයන ආකාරය දෙස බලන කළ අප සිටින්නේ එයට ගව් ගණනක් පිටුපසිනි.