IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මුල් මාස 08 දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයේ සියයට 38ක වර්ධනයක්

මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මුල් මාස අටක කාලය තුළ මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයේ ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 786.64ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ එම කාලසීමාවේදී හිමි වූ ඩොලර් මිලියන 569.81 ක ආදායම හා සැසඳීමේදී සියයට 38.05ක වර්ධනයක් බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි. 

මෙහිදී අගෝස්තු මාසයේදී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් හිමිකරගත් ඩොලර් මිලියන 126.05ක ආදායමත් ඊට කැපීපෙනෙන ලෙස දායක වී තිබේ. එය 2024 අගෝස්තු මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 88.77 හා සැසඳීමේදී සියයට 42ක වර්ධනයකි.

මේ අතර 2024 වසරේ මුල් මාස අටට සාපේක්ෂව 2025 වසරේ මුල් මාස අට තුළදී පොල්තෙල් අපනයනය සියයට 75.8 කින්ද, දිසිදි පොල් අපනයනය සියයට 34.6 කින්ද, පොල් කිරිපිටි අපනයනය සියයට 74.14 කින්ද, පොල් ක්‍රීම් සියයට 74.07 කින්ද, දියරමය පොල්කිරි සියයට 42.18 කින්ද, කොහුබත් සියයට 22.65 කින්ද, සක්‍රිය කාබන් සියයට 23.05 කින්ද ලෙස අපනයන ආදායම් ඉහළ ගොස් තිබේ.

 



අදහස් (0)

මුල් මාස 08 දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයේ සියයට 38ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site