IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ධම්මික පෙරේරාගේ දියණියක් කිංග්ස්බරි අධ්‍යක්ෂ මණ්ඩලයට

හේලීස් සමූහයට අයත් කිංග්ස්බරි හෝටලයේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස දෝන සමාරා පෙරේරා මෙනවිය පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 ඔක්තෝබර් 01 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය සමාමේ විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කරගෙන තිබේ. 

ඇය පසුගිය කාලසීමාවේදී හේලීස් පීඑල්සී සහ වැලිබන් වන් පීඑල්සී යන සමාගම්හි ව්‍යාපාරික ව්‍යාපෘති සහ මුලපිරීම් සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කළ බවත් එම කටයුතු හරහා ඇය ව්‍යාපාරික අත්දැකීම් ලබා ගෙන ඇති බවත් සමාගම පවසයි. මේ අතර මෙම පත්වීම ලබන අවස්ථාව වනවිටත් ඇය සතුව කිංග්ස්බරි හෝටලයේ කොටස් 6,432‍,292 ක හිමිකාරීත්වයක් පවතින බවත් සඳහන් වෙයි. 

සමාරා පෙරේරා හේලීස් සමූ‍හයෙහි සභාපති ධම්මික පෙරේරා මහතාගේ දියණියකි. මීට පෙර ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී සිය දියණියක් වන දෝන බ්‍රින්දිනී පෙරේරාද ඔහුට අයත් සමාගම් 10 කම අධ්‍යක්ෂ මණ්ඩල වෙත පත් කෙරිණි.



අදහස් (0)

ධම්මික පෙරේරාගේ දියණියක් කිංග්ස්බරි අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site