IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොටස් වෙළෙඳාම මෙතැනින් කොයිබට ද?

අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ හැසිරෙන ආකාරය තීරණාත්මක විය හැකිය. සියලු කොටස් මිල දර්ශකය අලුත් වාර්තාවක් සනිටුහන් කර තිබේ. ගනුදෙනු කෙරෙන ආකාරය සලකා බලන පසු ආයෝජකයන්ට ලාබ ඉපැයිය හැකි පසුබිමක් නිර්මාණය වී තිබේ. ෆිච් රේටිං සමාගම ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් පැහැදිලිතාවක් නිවේදනය කර ඇත. 

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 4.4 ක් විය හැකි අතර ඇමරිකානු බදු සම්බන්ධ අවදානම අවම බව දක්වයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ස්ථාවරභාවය කෙරෙහි අවධානය යොමු කරන සේ දක්වා තිබේ. සංචාරක ආදායම හා විදේශ රැකියා අංශයේ ආදායම යහපත් තැනකය. මෙම පසුබිම සමග කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තව දුරටත් වර්ධනය විය හැකි නමුත් උච්ඡාවචන කිහිපයක් අපේක්ෂා කළ හැකිය. 

සිකුරාදා (ඔක් 03) දිනයේ පවා මිල දී ගැනීමේ උනන්දුව ඉහළ ප්‍රතිශතයක පැවැති අතර එය මෙම සතියේ ඉහළම අගයක් බව දැක්වේ. එදින ගනුදෙනුවල දී ද රු. මිලියන 268.4 ක කොටස් මිල දී ගන්නා අතර විකිණීම් රු. මිලියන 417.4 ක් වශයෙන් සටහන්ය. ශුද්ධ අවාසියක් විදේශ ආයෝජන අංශවල සිදු වූ අතර රටින් පිටතට ගිය මුදල රු. මිලියන 149 කි. 

ගනුදෙනු අවසන් වන විට සියළු කොටස් මිල දර්ශකය ඒකක 22,094.89 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 143.10 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,187.51 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 39.30 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 9.75 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 44,867 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 439.4 ක් විය. සමාගම් 101 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 122 කි. කොටස් මිල ගණන් අඩු සමාගම් කෙරෙහි සුළු ආයෝජන අංශ උනන්දුවක් දක්වන බව පෙනේ. අද දිනයේ දී ද තෝරාගත් සමාගම්වල කොටස් මිල දී ගැනීම කෙරෙහි අවධානයක් අපේක්ෂා කළ හැකිය.

බලශක්ති, සිල්ලර වෙළෙඳාම, ආහාර සිල්ලර සහ ගෘහ උපකරණ, යන උප අංශවල කොටස් පසුබෑමකය. වාණිජ සේවා, ආහාර පාන, සෞඛ්‍ය සේවා, පරිගණක මෘදුකාංග හා සන්නිවේදන ප්‍රධාන කොටගත් අනෙක් සියලුම ක්ෂේත්‍රවලට උනන්දුව ඉහළ ගියේය. 

නිරීක්ෂක 

 



අදහස් (0)

කොටස් වෙළෙඳාම මෙතැනින් කොයිබට ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 708 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site