
කොළඹ දී පසුගිය දා පැවති 2025 ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ ශ්‍රී ලංකාව සඳහා වූ සම්මාන ප්‍රදානෝත්සවයේ දී 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ සේවායෝජක සන්නාමය’ ලෙස සියැට් කැලණි හෝල්ඩිංග්ස් සම්මානයට පාත්‍ර වූ අතර එහි උප සභාපති මානව සම්පත් තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ මහතා ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මානව සම්පත් නායකයකත්වයට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය.
සන්නාම උපාය මාර්ගය, සේවක වටිනාකම්, බඳවා ගැනීම් හා රඳවා ගැනීම් ක්‍රියාපටිපාටි, විවිධත්වය හා අන්තර්ගත කිරීම, සේවායෝජක කීර්තිය, නව්‍යෝත්පාදනය, නිර්මාණශීලීත්වය සහ ප්‍රතිඵල යනාදිය ශ්‍රී ලංකාව සඳහා වූ සම්මානවල ඇගයීම් ක්‍රියාවලිය පදනම් වූ නිර්ණායක විය.
සැබෑ ලෙසම සතුටින් සිටින ශ්‍රම බලකායක් පෝෂණය කිරීම මෙන්ම පොදු වටිනාකම් මත ගොඩනැගුණ සංස්කෘතියක් පවත්වා ගැනීම වෙනුවෙන් තම ව්‍යාපාර හා මානව සම්පත් උපාය මාර්ග පෙළගැස්වීම උදෙසා වන සමාගමේ කැපවීම, මෙම නව සම්මානවලින් මනාව තහවුරු කරයි. දශක දෙකක සේවා කාලයක් කැප කළ සේවකයන් 150කටත් අධික සංඛ්‍යාවක් ඇතුළුව 1,000 කට අධික සේවක සංඛ්‍යාවක් සිටින සියැට් කැලණි සමාගම මගින් දැනටමත් සමාගමේ සේවක සහභාගීත්වය, රඳවා ගැනීම හා සමස්ත සේවා ස්ථානවල යහපැවැත්ම සම්බන්ධයෙන් නිරතුරුවම ඉහළ කාර්ය සාධනයක් අත්කර ගෙන ඇත.
විනිවිද පෙනෙන කාර්යසාධන කළමනාකරණ පද්ධති, කුසලතා සංවර්ධනය සඳහා වන මුලපිරීම්, අනුප්‍රාප්ති සැලසුම්කරණය, වෘත්තීය කළමනාකරණ වැඩසටහන් සහ එහි වෘත්තීය සමිතිය සමග ඇති යහපත් සම්බන්ධතාව, සියැට් හි සේවක වටිනාකම් සඳහා අත්‍යවශ්‍ය බව සමාගම පවසයි.

2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලන සම්මාන උළෙලේ දී සියැට් කැලණි ද්විත්ව ජයග්‍රහණ ලබයි