භානුක අමරසිංහ
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුව (යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු) කොළඹ කොටස් හුවමාරුවේදී සිදු කිරීමට යෝජිත රුපියල් බිලියන 3ක් වටිනා ණයකර නිකුතුවට BB(EXP)(lka) අපේක්ෂා සහගත ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බව එම ආයතනය සඳහන් කරයි.
බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවාගත හැකි ඉහළ ඵලදාවක් සහිත බැඳුම්කර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සිදුකරන බව බැංකුව පවසා තිබේ. එසේම මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් සිය ණය පොත තවදුරටත් පුළුල් කරගැනීම සඳහා යොදා ගන්නා බවත් බැංකුව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd