
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තේ ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය වෙත යුරෝපයේ ජනතාව අතර ඉහළ උනන්දුවක් පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. පසුගියදා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වුණු බ්‍රසල්ස් තේ උළෙල 2025 වෙත පැමිණි 700 කට අධික යුරෝපියානු තේ රසවතුන්ගෙන් එය මනාව පැහැදිලි වූ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උසස් මට්ටමේ සිලෝන් තේ අලෙවි කරන සමාගම් රැසක්ම මෙම අවස්ථාවට සහභාගි වී තිබේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සහයෝගිතාවෙන් බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම අවස්ථාවට එක්ව තිබේ. විශේෂයෙන්ම අද වනවිට බාල සහ තරුණ වයසේ පසුවන යුරෝපා ජාතිකයන් අතර කෝපි පානයට වඩා තේ පානයට වැඩි කැමැත්තක් පවතින බවද මෙහිදී හඳුනාගෙන තිබේ.
මේ අතර ශ්‍රී ලංකාව තුළ උසස් තේ නිෂ්පාදනය කරන ආකාරය දැකබලා ගැනීම සඳහා මෙරටට සංචාරය කිරීමටද එම පිරිස් තුළ දැඩි උනන්දුවක් පැවති බවත් සඳහන් වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ වඩාත් පුළුල් සංචාරක කර්මාන්තය තුළ තවත් ආකර්ෂණීය අවස්ථාවක් ලෙස මෙම තේ සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කළ හැකි බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාවේ තේ ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයට යුරෝපයේ ඉහළ උනන්දුවක්