IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කල්පිටියේ දුම්කොළ වගාකරුවන්ගේ ඉරණම

  • දුම්කොළ වගාකරුවන්ට ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනක පොල්ලක් 
  • කල්පිටිය අර්ධද්විපයේ අක්කර 1000 කට ආසන්න භුමියක සිංහල දුම්කොළ වගා කරයි
  • දුම්කොළ ගස් 5000 ක් හිටෙව්වොත් 1000 ක් විතර මැරිලා යනවා
  • දැන් වගාකරන්නේ ඔළුව උස්සගන්න පුළුවන් අය විතරයි
  • සාමාන්‍ය කම්කරුවකුටත් කන්න බොන්න දිලා රුපියල් 4500ක් 

ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ 

කල්පිටියේ සිංහල දුම්කොළ වගා කරනු ලබන වගාකරුවන්ගෙන් දුම්කොළ මිලදි ගත් මීගමුවේ ගැනුම්කරුවන් අවස්ථා කිපයකදී රුපියල් කෝටි 20 කට අධික මුදලක් වංචා කරමින් තිබීම හමුවේ මේවන විට සිංහල දුම්කොළ වගාකරුවෝ නැවත එම වගා පවත්වාගෙන යාමට නොහැකිව බරපතළ ගැටලු‍ රැසකට මැදිව සිටිති.

කල්පිටිය අර්ධද්විපයේ දළුව, මාම්පුරිය, නාවක්කාඩුව, පුලච්චේන, නොරෝච්චෝල, නිර්මලපුර, ඉලන්තඩිය, කන්දකුලිය, පාලකුඩා, තලවිල යන ගම්මානවල සිංහල දුම්කොළ වගාකරුවන්ගෙන් මුදල් ලබා දීමේ පොරොන්දුවට දුම්කොළ රැගෙන ගිය ව්‍යාපාරිකයන් පිරිසක් මෙලෙස මාස කිපයක සිට වංචා කරමින් සිටින බවට වගාකරුවෝ මැසිවිලි නගති. 

දුම්කොළ ලබා ගෙන සුළු මුදලක් `ලබා දී ඉතිරි මුදල් දින කිපයකින් බැංකු ගත කරන බවට පොරෝන්දු දුන් හා චෙක්පත් ලබා දුන් ව්‍යාපාරිකයන් මෙලෙස මුදල් වංචාකරන බව වගාකරුවෝ කියති.

මෙම දැවැන්ත වංචාවට මේ වන විට කල්පිටිය අර්ධද්විපයේ බහුතරයක් දුම්කොළ වගාකරුවන් හසුව ඇති බවද පැවසෙයි. මේ හේතුවෙන් ඇතැම් සිංහල දුම්කොළ වගාකරුවන්ට නීතියේ පිළිසර පැතීමටද සිදුව ඇත.

මෙලෙස කල්පිටියේ සිංහල දුම්කොළ වගාකරුවන් රැවටු මිගමුවේ ව්‍යාපාරිකයකු ඉන්දියාවට පැන යාමට සුදානමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණේ සිංහල දුම්කොළ වගාකරුවන් නීතියේ පිහිට පැතීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට කල්පිටිය අර්ධද්විපයේ මහා පරිමාණ සිංහල දුම්කොළ වගාකරුවන් මෙම වංචනික ව්‍යාපාරීකයන්ට හසුව ඇතත් ලජ්ජාව හේතුවෙන් තමන්ට වු පාඩුව රහසේ දරා ගනිමින් සිටින බවද මේ වන විට ප්‍රසිද්ධ රහසක් වී තිබේ.

වාර්තාවන අන්දමට එසේ මහා පරිමාණ දුම්කොළ වගාකරුවන්ට පමණක් දුම්කොළ ගැනුම්කරුවන් ගෙවිමට ඇති මුදල රුපියල් කෝටි විස්සකට අධිකය.

කල්පිටිය අර්ධද්විපයේ අක්කර 1000 කට ආසන්න භුමියක සිංහල දුම්කොළ වගා කරයි.

බුලත් විට සඳහා වුවමනා දුම්කොළ “සිංහල දුම්කොළ, නමින් කල්පිටියේ වගා කෙරේ.

මුලින්ම යාපනයේ වගා කළ මෙම දුම්කොළ පසුව ක්‍රමයෙන් දශක පහකට පමණ පෙර කල්පිටිය නාවක්කාඩු ප්‍රදේශයට රැගෙන විත් කළ අත්හදා බැලිම්වලින් පසු සාර්ථකත්වයට පත්විය. ඉන්පසු ඉතා සුළුවට ආරම්භ වු සිංහල දුම්කොළ වගාව මේ වන විට කල්පිටිය වගාකරුවන්ගේ අතමිට සරුකරන වගාවක් ලෙස ජනප්‍රිය වී තිබේ.
මෙම දුම්කොළ මුලින්ම කල්පිටිය අර්ධද්විපයේ වගා කර ඇත්තේ මීගමුව ප්‍රදේශයේ වගාකරුවන් පිරිසක් විම විශේෂිතය.

කෙසේ නමුත් දශක පහකට වැඩි කාලයක් සෙමින් ව්‍යාප්ත වු මෙම සිංහල දුම්කොළ වගාව අදවන විට විශාල ලෙස ව්‍යාප්ත වෙමින් ඇත්තේ කල්පිටියේ සිංහල දුම්කොළ සඳහා තිබෙන ඉල්ලු‍ම ක්‍රමයෙන් ඉහළ යාමත් සමගය.
එලෙස දුම්කොළ ඉල්ලු‍ම ඉහළ යන විට ඒ සඳහා මුල්වු වගාකරුවන් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යද්දි දුම්කොළ මීලදී ගැනීමට පැමිණෙන ගැනුම්කරුවන් පිරිසද ඉහළ යමින් ඇත. 

සිදුවු පාඩුවත් සමග ඇතැම් වගාකරුවන් ණය වී යළිත් වගාවේ නිරත වන වෙමින් සිටින අයුරුද දැක ගත හැකිය.
මෙලෙස දුම්කොළ ව්‍යාපාරිකයන්ගේ වංචාවට හසුවු දළුවේ සිංහල දුම්කොළ වගාකරුවකු වන ගාමිණි ප්‍රේමතිලක මහතා මෙලෙස පැවසීය.

“අපි දහ අතේ ණය වෙලායි මේ වගාකරන්නේ. එහෙම වගා කරද්දි තමා මේ විදිහට වංචා කළේ. ඉස්සර ආපු මුදලාලිලා හරි විදිහට සල්ලි දීලා අරන් යනවා කිසිම ගැටලු‍වක් නැතුව. එහෙත් පස්සේ ආපු අය තමයි මේ වංචාව කළේ.

අලු‍තින් එන අය හොඳ අය කියලා හඳුන්වලා දෙන්නේ මේ පැත්තේ අපේ මිනිස්සු. බය වෙන්න එපා මෙයාලා සල්ලි ටික හරියට දෙයි කියලා දුම්කොළ අරන් යනවා පොඩි ගාණක් දිලා. පස්සේ සල්ලි දෙන දින දවසින් දවස කල් දානවා. මේ වෙද්දි මට දුන්න සල්ලි ගන්න බැරි චෙක්පත් අතේ තියාගෙන මම ඉන්නවා. මොකද කරන්නේ කියලා හිතා ගන්න බැහැ.

ප්‍රියන්ත උදය කුමාර

ඉස්සර මේ වෙළෙඳාමේ හිටපු මුදලාලිලා දුම්කොළ අරන් ගියේ සල්ලි දිලා. මුදල් මදි වූණොත් දෙනවා කියන දිනයට අනිවාර්යයෙන්ම දෙනවා. ඒ තරම් විශ්වාසයට වැඩ කරපු අය හිටියා. දැනටත් ඒ විදිහට ඉන්න පිරිසක් ඉන්නවා. එහෙත් වැඩිපුරම ඉන්නේ විශ්වාසයක් නැති පිරිස්.

දුම්කොළ පදම් කිරීමේ වසර 40 කට ආසන්න කාලයක් නිරතව සිටින දළුවේ පදිංචිකරුවකු වන නිකුලස් මාකස් මහතා මෙලෙස පැවසීය.

“මම රස්සාවට ආවේ අවුරුදු 19 ඉඳලා. ඒ කාලෙට වැඩිය දැන් ගොඩක් වෙනස් වෙලා හැම දෙයම. දුම්කොළ වගාකරුවන්ට දැන් තියෙන ප්‍රශ්නය තමයි මිගමුවේ මුදලාලිලා දුම්කොළ අරන් ගිහාම මුදල් නොදිම. මේක ලොකු ප්‍රශ්නයක් වෙලා. දුම්කොළ වගාවක් සඳහා ලොකු වියදමක් යනවා. එහෙම තියෙද්දි මේ විදිහට ලක්ෂ ගණනින් මුදල් නොදී වංචා කරපුහාම මේ වගාව පවත්වාගෙන යන්න අමාරුයි.

වසර ගණනාවක් දුම්කොළ වගාවේ නිරත වගාකරුවකු හා දුම්කොළ පදම්කරුවකු වන රනිල් ක්‍රීස්ටි මහතා මෙලෙස පැවසීය.

“ඇත්තටම පුදුම ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙන්නේ. මෙය ලොකු ගැටලු‍වක්. කවුද හිතන්නේ දුම්කොළ අරන් ගිහින් මේ විදිහට සල්ලි වංචා කරයි කියලා. දැන් දුම්කොළ අරන් යන්න විවිධ අය එනවා. ඒ ඇවිත් ගොවින් හිතවත් කරගෙන දෙන්නම් කාසිවලට අරන් යනවා. වගාකරුවෙක් දුම්කොළ ගස් 5000 ක් හිටෙව්වොත් 1000 ක් විතර මැරිලා යනවා විවිධ ලෙඩවලට ගොදුරු වෙලා.ඉතිරි ගස් ටික නඩත්තු කරන්න යන වියදම් දුම්කොළ කපන්න යන වියදම් තෙල් පොහොර, වතුර දාන්න ඇතුළු කම්කරු කුලිය බලපුහාම ලොකු මුදලක් වැය කරලා. එතකොට කොහොමද ලක්ෂ 50 ක් විතර පොල්ලක් තිබ්බාම. ඒ නිසා ඔළුව උස්සගන්න පුළුවන් අය විතරයි දැන් වගාකරන්නේ.

සිංහල දුම්කොළ වගාවේ වසර 30ට වැඩි කාලයක් පදම්කරුවකු ලෙස සේවය කරන (දුම් බාස්) ප්‍රියන්ත උදය කුමාර මහතා මෙලෙස පැවසීය.

“මේ දුම්කොළ වගාව හරිම පරිස්සමට කරන්න ඕන.මොකද පොඩ්ඩ බැරි වුණාම මුළු වගාවම ඉවරයි. ඒ වාගේ අවධානමක් ගන්න රස්සාවක්. වැස්සක් ගියොත් සේරම ඉවරයි. මේ සියලු‍ දේවල් එක්ක වගා කරලා පදම් කරලා රත්තරන් බඩු බැංකුවට තියලා වගා කරපු දුම්කොළ ටික අරන් ගිහින් සල්ලි දෙන්නේ නැහැ කියන්නේ පුදුම දුකක්.

සාමාන්‍ය කම්කරුවකුටත් කන්න බොන්න දිලා රුපියල් 4500 කින් ඉහළ ගෙවනවා. ඒ විදිහට මාස ගාණක් මේ වගාව කරපුහාම අන්තිමට දුම්කොළ අරන් ගිහින් දුරකථනයක් ඕෆ් කරලා දාපුහාම ඒ ගැන කියන්න වචන නැහැ. 



අදහස් (0)

කල්පිටියේ දුම්කොළ වගාකරුවන්ගේ ඉරණම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site