2025 වසරේ PRISL සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ඔක්තෝබර් 10 වැනි දින දක්වා දීර්ඝ කළ බව ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) ප්‍රකාශ කළේය. කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ගේ දැඩි උද්යෝගයට ප්‍රතිචාර වශයෙන් අවසාන දිනය දීර්ඝ කිරීමට පියවර ගැනුණු අතර එමගින් තවත් සංවිධාන මෙන්ම පුද්ගලයන් රැසකට සිය නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ ඉහළ ජාතික පිළිගැනීමක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
2025 වසරේ නොවැම්බර් 25 වැනි දින BMICH පරිශ්‍රයේ දී PRISL සම්මාන රාත්‍රිය පැවැත්වීමට නියමිත අතර එය කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම අවස්ථාවක් වනු ඇත.
කර්මාන්ත නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ශාස්ත්‍රඥයන් සහ නවෝත්පාදකයන් ඇතුළු විවිධ පුද්ගලයන් රැසක් ඒකරාශි කරන මෙම සම්මාන රාත්‍රියේ දී කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන අතර එය කර්මාන්තයේ මීළඟ පර්ච්ඡේදය සඳහා මනා දිරිගැන්වීමක් සිදු කරයි. ඒ අනුව 2025 වසරේ ඔක්තෝබර් මස 10 වැනි දිනට පෙර 2025 වසරේ PRISL උළෙල සඳහා සියලුම අයදුම්පත් යොමුකළ හැකිය.
වසර 65කට අධික දිගු කාලයක් පුරාවට PRISL නායකත්වය සමඟ ගොඩනගා ගෙන තිබෙන විශ්වසනීයත්වය, විනිවිදභාවය සහ කීර්තිනාමය PRISL සම්මාන උළෙලේ දෙවන සන්ධිස්ථානීය දිගහැරුමේ දී ද අඛණ්ඩව ආරක්ෂා කෙරේ. ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් මෙහි සෑම කාණ්ඩයකම ඇගයීම සිදු කරන අතර එමගින් සාධාරණීය විනිශ්චයක් සහතික කෙරේ. මෙම ඇගයීම් කර්මාන්තය තුළ කීර්ති නාමය ඉහළ නංවා ගැනීම සඳහා නව මිණුමක් වනු ඇත. දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද කර්මාන්තයේ නායකයන් සහ නවෝත්පාදකයන් ලෙස සිය සන්නාමය වෙනුවෙන් ඉහළ පිළිගැනීමක් ලබා ගැනීමේ අවකාශය මෙහි ජයග්‍රාහණයන්ට හිමි වේ.
එපමණක් නොව, ලංකාවේ ප්ලාස්ටික් සහ රබර් කර්මාන්තයේ අනාගතය උදෙසා ලබා දුන් තම දායකයත්වය මෙන්ම කැපවීම මැනවින් ඉස්මතු කිරීමට ද සංවිධානවලට සහ පුද්ගලයන්ට PRISL සම්මාන උළෙල කදිම තෝතැන්නක් වනු ඇත. කාර්මාන්තයේ පුරෝගාමීන් සමඟ එක්ව විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ තිරසාරභාවය ප්‍රදර්ශනය කිරීමට මෙම ජාතික වේදිකාව ඔස්සේ සහභාගිවන්නන්ට අවස්ථාව සැලසේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
2025 PRISL සම්මාන උළෙලට අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කෙරේ