IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ශ්‍රී ලංකාව කලාපීය යාත්‍රා මධ්‍යස්ථානයක් කිරීමේ හැකියාව සොයා බලයි

  • ධීවර වරාය හතක් කුඩා මරිනා තොටුපොළ ලෙස දියුණු කිරීමට යයි

භානුක අමරසිංහ

ශ්‍රී ලංකාව කලාපීය යාත්‍රා මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම සඳහා පවතින හැකියාව සොයා බලමින් පවතින බව ශ්‍රී ලංකා සමුද්‍රීය කර්මාන්ත පිළිබඳ මණ්ඩලයේ සභාපති කෞෂාල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කරන Voyage Sri Lanka 2025 සමුළුව සම්බන්ධයෙන් පැවැත්වුණු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා පසුගියදා මේ බව සඳහන් කළේය.

“ඉන්දියාව සහ මාලදිවයින අතර පිහිටි කලාපීය යාත්‍රා මධ්‍යස්ථානයක් විදියට ශ්‍රී ලංකාව දියුණු කිරිමට පවතින හැකියාව මෙහිදී සොයා බලනවා. එය මෙරට සංචාරක කර්මාන්තයට වගේම සමුද්‍රීය කර්මාන්ත රැසක් වෙතම බොහෝ අවස්ථා උදා කර දේවි.’

මෙම කටයුතු යටතේ ශ්‍රී ලංකාවේ ධීවර වරාය 7ක් කුඩා මරිනා තොටුපොළ (Mini marina) බවට පත් කිරීමේ සැලසුමක් සකස් කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු වෙයි. ඒ හරහා ශ්‍රී ලංකාවේ සන්නාමය මරීනා කර්මාන්තය අතර ප්‍රචලිත කිරීමත් සැලසුමකි.

“ඒ අනුව දැනටමත් වැලිගම පිහිටි කප්පරතොට වරාය ඒ සඳහා හඳුනාගෙන සැලසුම් සකස් කර තිබෙනවා. එතැනදී රජයේ සහ පෞද්ගලික හවුල්කාරීත්වයක් අනුව මෙම කටයුතු සිදු වේවි.“ 

මීට අමතරව හික්කඩුව, නයිනමඩමේ පිහිටි වෙල්ලමන්කාර, පුරන්වැල්ල සහ මිරිස්ස යන ධීවර වරායන්ද මෙලෙස කුඩා මරිනා තොටුපොළ බවට පත් කිරීමේ සැලසුමක් පවතී.

එසේම ශ්‍රී ලංකාව යාත්‍රා නිෂ්පාදනයේද ප්‍රධානතම ස්ථානයක් ලෙස තවදුරටත් දියුණු කිරිමත් අදහස බව ඒ මහතා සඳහන් කළේය. විශේෂයෙන්ම අද වනවිට ලොව පුරා විවිධ මාදිලියේ සුඛෝපභෝගී, විනෝදාස්වාදන, ක්‍රීඩා සහ විශේෂිත බෝට්ටු සඳහා වන ඉල්ලු‍ම ඉහළ යමින් පවතින බවත් ඔහු පවසයි.

“ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ බෝට්ටු නිෂ්පාදනය අතින් ප්‍රමුඛතම රටවල් අතරින් එකක්. වඩාත් පිරිවැය තරගකාරීත්වයක් පැවතීම, ඉහළ මට්ටමේ පුහුණු සේවකයන් පිරිසක් සිටීම වගේම උපායමාර්ගික ස්ථානයක පිහිටා තිබීම නිසා එය හිමිව තිබෙනවා. යුරෝපයට, මැදපෙරදිගට, අප්‍රිකාවට, ආසියාවට සහ මද්‍යධරණී කලාපයට එම නිෂ්පාදන යැවෙනවා. මෙම යාත්‍රා අතර සෑම කාණ්ඩයකම බෝට්ටු සහ යාත්‍රා පවතිනවා. ඒවා සියල්ලක්ම එම කලාපයන්හි ප්‍රමිතීන්ට අනුව නිපදවෙනවා. “රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (0)

ශ්‍රී ලංකාව කලාපීය යාත්‍රා මධ්‍යස්ථානයක් කිරීමේ හැකියාව සොයා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1320 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1242 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 456 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site