භානුක අමරසිංහ
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත්කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDR) තවදුරටත් CCC+ මට්ටමේම පවත්වාගෙන යන බව නිවේදනය කර සිටියි. එසේම මෙම මට්ටම සඳහා ඉදිරි දැක්මක් ඉදිරිපත් නොකරන බවත් එම ආයතනය සඳහන් කරයි.
“ශ්‍රී ලංකාවේ CCC+ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරිම තවදුරටත් එම මට්ටමේම පවත්වාගෙන යාමට කටයුතු කරනවා. එහිදී මූලිකවම රජයේ ණයබරතාව තවදුරටත් ඉහළයාම මෙන්ම 2024 වසරේදී සිදුකළ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණවීමක් සිදු වුවත් තවදුරටත් පවතින ඉහළ මට්ටමේ පොලී ගෙවීම් අනුපාත මේ සඳහා හේතුවයි.” යනුවෙන් ෆිච් රේටින්ග්ස් ආයතනය මෙහිදී සඳහන් කර සිටියි.
මෙහිදී අයවැය පරතරයේ යම් අඩුවීමක් සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුවුවත් තවදුරටත් ණය එලෙසින්ම පවතින බව ඔවුන් පවසයි. එහෙත් මැදිකාලීනව මෙම ණය ක්‍රමිකව අඩුවනු ඇතැයි අපේක්ෂාව වී තිබේ. ඒ අනුව 2027 වසර වනවිට රජයේ දළ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 96ක මට්ටමකට පැමිණෙනු ඇතැයි පුරෝකථනය කෙරී තිබේ. එසේම ණය පෙරදැකිම සඳහා වන අවදානම මැදිකාලීනව තවදුරටත් ඉහළ අගයක පවතින බවත්, 2027 වසරෙන් පසුවද එය එසේම වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
එසේම 2027 වසර වනවිට පුරෝකථන කෙරෙන ණය පොලී ගෙවීම ප්‍රතිශතයත් ලෙස සියයට 46.5ක් දක්වා අඩුවනු ඇතැයි එම ආයතනය අපේක්ෂා කරයි.
විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ වෙත දක්වන තිරසාර දායකත්වයත් සමගින්ම ශක්තිමත් ආර්ථික යථාවත්වීමක්, අඩු උද්ධමනයක් සහ අයවැය පරතරය අඩු කරගැනීමක් මෙන්ම බාහිර මූල්‍ය තත්වයේ දියුණුවක් සඳහා හේතු වී තිබෙන බවත් ෆිච් රේටින්ග්ස් මෙහිදී පවසා සිටියි.
“මෙම සැලකිය යුතු ප්‍රගතිය වාර්තා කෙරී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් ඇති කරගෙන තිබෙන මාස 48ක වැඩසටහනත් සමගයි. එසේම මාර්තු මාසයේදී ඉදිරිපත් කළ අයවැය යෝජනා යටතේ පැවැති වැඩසටහන් ඉලක්ක වෙත මේ වනවිට අනුගත වෙමින් සිටිනවා. ඒ වගේම විදුලිබලය සඳහා පිරිවැය ආවරණය කරන මිලකරණයද ඊට ඇතුළත්.” එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර 2025 සහ 2027 කාලය තුළදී ප්‍රාථමික ගිණුමේ අතිරික්තය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 2.7ක් පමණ අගයක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔවුන් පවසයි. එසේම මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ රජයේ ආදායම පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 27කින් ඉහළ ගොස් තිබෙන බවත්, ඒ අතරින් සියයට 93ක් ම බදු ආදායම බවත් ෆිච් රේටින්ග්ස් පෙන්වා දෙයි. ඒ අනුව 2026-2027 කාලයේදී මෙම ආදායම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 15.3ක අගයක් ගනු ඇතැයි ඔවුන් පුරෝකථනය කරයි. එහෙත් මෙය CCC ශ්‍රේණිගත කිරීම සඳහා වන මධ්‍යස්ථ සාමාන්‍ය වන සියයට 22.5ට වඩා අඩු මට්ටමක් බවත් ඔවුන් පවසයි.
“2022 වසරේ පැවැති ඩොලර් බිලියන 1.9 ක සංචිතය හා සැසඳීමේදී 2025 ජූලි - අගෝස්තු වන විට ඩොලර් බිලියන 6.2ක සංචිතයක් දක්වා එය වර්ධනය වී තිබෙනවා. 2025 අවසන් වනවිට මෙම සංචිතය ඩොලර් බිලියන 6.4ක් දක්වා ඉහළයනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එහිදී මහ බැංකුව තවදුරටත් මෙම විදේශ විනිමය මිලදී ගැනීම සිදු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම පුරෝකථනය කෙරෙන සංචිතය මාස 2.8ක කාලයක විදේශ ගෙවීම් සඳහා ප්‍රමාණවත් වනු ඇතැයිද අපි පුරෝකථනය කරනවා.” යනුවෙන්ද ෆිච් මෙහිදී පවසයි.
මේ අතර 2025 වසරේදී ජංගම ගිණුමේ අතිරික්තයද වාර්තා කරනු ඇතැයි එම ආයතනය අපේක්ෂා කරයි.
“2022-2023 කාලයේදී ආර්ථිකයේ ඇති වූ හැකිළීමෙන් පසුව මේ වනවිට යම් ආර්ථික ස්ථායිත්වයක් ඇතිවීමේ ලකුණු පෙන්නුම් කරනවා. එය 2024 දී වාර්තා කළ සියයට 5ක ආර්ථික වර්ධනය සහ 2025 පළමු අර්ධයේදී වාර්තා කළ සියයට 4.8ක ආර්ථික වර්ධනයෙන් පිළිබිඹු වෙනවා. මේ වසර තුළදී සියයට 4.4ක ආර්ථික වර්ධනයක් අපි අපේක්ෂා කරන අතර, 2026 දී එය 3.8ක් සහ 2027 දී එය 3.6ක් වනු ඇතැයි පුරෝකථනය කරනවා.”
ෆිච් රේටින්ග්ස් ආයතනය 2024 දෙසැම්බර් මාසයේදී මෙම ශ්‍රේණිගත කිරීම CCC+ මට්ටමට ඉහළ නැංවූ අතර, මේ වසරේ අගෝස්තු මාසයේදීද එය එලෙසින්ම පවත්වාගෙන යන බව නිවේදනය කළේය. එහෙත් එහිදී මේ වසරේ ආර්ථික වර්ධනය ලෙස ඔවුන් පුරෝකථනය කළේ සියයට 4.3ක වර්ධනයකි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ෆිචි රේටින්ග්ස් ශ්‍රී ලංකාව් CCC+ ණය ශ්‍රේණිය එලෙසින්ම තබයි