IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ MDRT සාමාජිකත්වයට අංක 1 සමාගම AIA ඉන්ෂුවරන්ස්

AIA ඉන්ෂුවරන්ස් ලංකා මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අඛණ්ඩව ප්‍රමුඛත්වයක් උසුලමින් 2025 වසර සඳහා වැඩිම MDRT (Million Dollar Round Table- මිලියන් ඩොලර් වට මේසය) සාමාජික සංඛ්‍යාවක් බිහිකරමින් ශ්‍රී ලංකාවේ MDRT අංක1 සමාගම ලෙස ඇගයීමට පත්වීම මහත් අභිමානයෙන් සමරයි.  සමාගම තුළ සියලු‍ම බෙදාහැරීම් අංශ ඔස්සේ එනම් Agency, Alternate සහ Bancassurance යන සියලු‍ බෙදාහැරීම් අංශ හරහා 2025 වසර සඳහා 332 ක MDRT  සාමාජිකයන් පිරිසක් බිහි කිරීමට AIA ඉන්ෂුවරන්ස් සමත් විය. ඒ අනුව  ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව පාරිභෝගික කේන්ද්‍රීය සේවාව, වෘත්තීයමයභාවය සහ විශිෂ්ටත්වය සඳහා ඉහළ සම්මත තත්වය ස්ථාපනය කිරීමට AIAසමත් වී ඇත.

MDRT සාමාජිකත්වය ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා ව්‍යාපාර තුළ විශිෂ්ටතා ප්‍රමිතිය ලෙස ජාත්‍යන්තරව පිළිගැනේ. මෙම සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලැබීමට එම මූල්‍ය සේවා උපදේශකයන්, අසමසම වෘත්තීය දැනුමෙන් හෙබි වීම, උසස් තත්වයේ ආචාරධර්ම පද්ධතියකට අනුව කටයුතු කිරීම, කැපීපෙනෙන සේවාලාභී සත්කාරය සහිත වීම මෙන්ම වාරික උත්පාදනයේ දී දැඩි නිර්ණායකවලට යටත්ව කටයුතු කළ යුතුව ඇත. MDRT සාමාජිකත්වය සඳහා අංක 1 සමාගම ලෙස ඇගයීමට ලක්වීමෙන් තහවුරු වන්නේ, ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ළඟා කර ගැනීමට සහය වෙමින්, අනාගත මූල්‍ය සුරක්ෂිතතාව ඇතිකර ගනිමින් සිය ආදරණීයයන්ගේ රැකවරණය සාක්ෂාත් කරගැනීම සඳහා විශ්වාසවන්ත සමාගමක් ලෙස ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීමට AIA විසින් සිදුකරන්නා වූ සුවිශේෂී කාර්යභාරයයි.

AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරිනී/අධ්‍යක්ෂිකා චතුරි මුනවීර මහත්මිය කියා සිටියේ ”‍ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ළඟා කර ගැනීම වෙනුවෙන් සහය වීම අපගේ අරමුණයි.  MDRT සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාවේ අංක 1 සමාගම බවට පත්වීම ඔස්සේ Agency, Alternate මෙන්ම Bancassurance යන අපගේ සියලු‍ම බෙදාහැරීම් අංශයන්හි අලෙවි බලකා සාමාජික සාමාජිකාවන්ගේ මහත් කැපවීම ඒ ඔස්සේ වඩාත් පිළිබිඹු වෙනවා. 

2025 වසරේ AIA සමූහය (AIA Group) අඛණ්ඩව 11 වැනි වතාවටත් MDRT සාමාජිකත්වය සඳහා ලොව අංක 1 ජාත්‍යන්තර සමාගම ලෙස ඇගයීමට පත් විය.  මෙම #1 MDRT තලයේ ඇගයීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළුවAIA ව්‍යාපාර සිදුකරන්නා වූ හොංකොං, චීනය, තායිලන්තය, ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, මැකාව්, මියන්මාරය යන රටවල්ද, ඒ ඒ රටට අදාළව MDRT අංක 1 ස්ථානය අත්කර ගනිමින් 2025 වසරේ MDRT සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලද රක්ෂණ අලෙවි නියෝජිතයන් වැඩිම සංඛ්‍යාවක් බිහිකර තිබිණි.

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ MDRT සාමාජිකත්වයට අංක 1 සමාගම AIA ඉන්ෂුවරන්ස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 262 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 314 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site