IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


ආර්ථිකය යථාවත් කිරීමේ පදනම මූල්‍ය විනයයි

  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වැනි සමාලෝචනය ක්‍රියාත්මකවීමත්, අයවැය චක්‍රය ක්‍රියාත්මකවීමත් හේතුවෙන් රජය ක්‍රියාත්මක වන්නේ දැඩි කාලරාමුවලට යටත්ව
  • ජයග්‍රහණය සහ ගමන පිටුපස ඇති ප්‍රධාන හේතුවක් වන්නේ මූල්‍ය විනයයි
  • විදේශ ආයෝජකයන් නැවත වරක් මෙරට ආයෝජන කිරීමට උනන්දුවෙන්

ලබන වසරේදී මූල්‍ය ස්ථාවරත්වයක් ශක්තිමත් කර ගැනීමටත්, තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමටත් රජය විසින් පාලන, ව්‍යවස්ථාදායක සහ ඩිජිටල් ප්‍රතිසංස්කරණ මාලාවක් සකස් කරමින් සිටින බවත් ඉදිරියටත් මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට යන ගමනේ පදනම මූල්‍ය විනය වනු ඇති බවත් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ආර්ථික පුනර්ජීවනය සඳහා රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ වාර්ෂික සමුළුව අමතමින්, සූරියප්පෙරුම මහතා මෙම අදහස් පළ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වැනි සමාලෝචනය ක්‍රියාත්මකවීමත්, අයවැය චක්‍රය ක්‍රියාත්මකවීමත් හේතුවෙන් රජය දැඩි කාලරාමුවලට යටත්ව ක්‍රියාත්මක වන බවත් ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාව රටක් ලෙස පෙර පැවැති තත්වයට වඩා වඩාත් හොඳ ස්ථානයක සිටින බවත් එම ජයග්‍රහණය සහ ගමන පිටුපස ඇති ප්‍රධාන හේතුවක් වන්නේ මූල්‍ය විනය බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම වසරේ පළමු මාස අටේදී සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 411 ක් දක්වා සියයට 54.9 කින් පහළ වැටී ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර ඇති අවස්ථාවක භාණ්ඩාගාර ලේකම්වරයා මෙම ප්‍රකාශය සිදු කළේය. මෙම වසරේ පළමු භාගයේදී රජය ගෙවීමට ඇති ණය සියයට තුනකින් රුපියල් ට්‍රිලියන 29.6 දක්වා ඉහළ ගොස් තිබුණේය.

එහිදී දේශීය ණය සියයට සියයට 2.7 කින් රුපියල් ට්‍රිලියන 18.8 දක්වා ඉහළ ගොස් ඇති අතර බාහිර ණය සියයට 3.8 කින් රුපියල් ට්‍රිලියන 10.8 දක්වා ඉහළ ගොස් තිබිණි. එසේම භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවීමට ඇති මුදල මෙම වසරේ පළමු භාගයේදී සියයට 3.4 කින් රුපියල් ට්‍රිලියන 3.9 දක්වා පහළ ගොස් ඇති අතර බැඳුම්කර සඳහා ගෙවීමට ඇති මුදල සියයට හයකින් රුපියල් ට්‍රිලියන 14.9 දක්වා ඉහළ ගොස් ඇත.

නැවත විශ්වාසය ඇති වීමත් සමග මෙරට ව්‍යවසායකයන් සිය ව්‍යාපාර පුළුල් කිරීමට සූදානම් වන බවත් විදේශ ආයෝජකයන් නැවත වරක් මෙරට ආයෝජන කිරීමට උනන්දුවක් දක්වන බවත් භාණ්ඩාගාර ලේකම්වරයා පැවැසුවේය. මෙරට ආර්ථිකය වර්ධනය වෙමින් පවතින බවත්, ව්‍යාපාරවලට ආයෝජනය කිරීමට විශ්වාසය ගොඩ නැගෙමින් පවතින බවත් සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

එමගින් රට තුළට සෘජු විදේශ ආයෝජන ගලා ඒම, ව්‍යාපාර පුළුල් වීම, ව්‍යාපාර ඊළඟ අදියර කරා ගමන් කිරීම සහතික කිරීම සඳහා සියලු‍ මට්ටම්වල ධාරිතා වර්ධනය කරනු ඇති බවද ඔහු පැවැසුවේය. ක්‍රියාත්මක වෙමින් පවතින සහ සැලසුම් කර ඇති ප්‍රතිසංස්කරණ මගින් එම අපේක්ෂා ඉටුකර ගැනීමට රජය අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ක්‍රියාත්මක නව රාමුව යටතේ රාජ්‍ය බැංකු සඳහා ස්වාධීන අධ්‍යක්ෂවරුන් පත් කිරීම, පාලනය වැඩිදියුණු කළ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකි බවත් එය ජනධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය ලැබුණු බවත් ඔහු පැවැසුවේය. මෙම මූල්‍ය වර්ෂය අවසන් වීමට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා නව නීති කීපයක් සකස් වෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය. 



අදහස් (0)

ආර්ථිකය යථාවත් කිරීමේ පදනම මූල්‍ය විනයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 262 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 314 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site