මෙම ලිපිය ආයෝජකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය මග පෙන්වීමක් ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරන ලද ලිපියකි.
කොටස් වෙළෙඳපොළක් යනු සෑම ආර්ථිකයකටම ජවයක් ලබාදෙන හා ඉතා සංවේදී ක්ෂේත්‍රයකි. එමෙන්ම ඵලදායී ආයෝජන මාර්ගයකි. මේ පිළිබඳව දැන සිටීම ආර්ථිකයක් තුළ ජීවත්වන පාසල් වයසේ දරුවන්ගේ සිට සෑම වයස් තරාතිරමකම පසුවන පුද්ගලයන්ට ඉතා වැදගත්ය. මූල්‍ය කළමනාකරණය, ඉතුරුම්, ආයෝජන වැනි සංකල්ප තේරුම් ගෙන තම මූල්‍ය අනාගතය සකස් කර ගැනීමට පුද්ගලයන් කුඩා අවධියේ සිට පුරුදු පුහුණු විය යුතුය.
ඒ අනුව කොටස් වෙළෙඳපොළ කිසියම් පුද්ගලයකුගේ අනාගත අරමුණු වෙනුවෙන් යොදා ගත හැකි හොඳ ආයෝජන මාර්ගයකි. එයින් ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන් කොටස් වෙළෙඳපොළ උච්චාවචනය වන්නේ කුමන හේතු නිසාද, කොටස් මිල ගණන් ඉහළ පහළ යන්නේ කුමන හේතු නිසාද ඒ අනුව කොටස් වෙළෙඳපොළ හැසිරිය යුත්තේ කෙසේද යන්න විමසා බැලීමත්, ඒ පිළිබඳව අවබෝධයක් ලබා තිබීමත් ඉතා වැදගත් වේ.
කොටස් වෙළෙඳපොළකින් ප්‍රයෝජන ගන්නා ආයෝජකයන් විශේෂ අවධානය යොමු කළ යුතු පැති ගණනාවක් තිබේ. ඉන් වැදගත් කරුණක් වන්නේ නිතර වෙනස් වන කොටස් මිල ගණන්ය. මෙම කොටස් මිල ගණන්වල හැසිරීමට අනුව ආයෝජක හැසිරීම්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මෙම කොටස් මිල ගණන්වල හැසිරීම් සහ එම හැසිරීම්වලට ආයෝජකයන් දක්වන ප්‍රතිචාර මත කොටස් වෙළෙඳපොළක රඳා පැවත්ම තීරණය වේ.
කොටස් වෙළෙඳපොළක් යනු හැමවිටම ඉහළ ගමන් කරන තත්වයක් සහිත වෙළෙඳපොළක්ය යන්න සිතා කටයුතු කිරීම සුදුසු ක්‍රියාවක් නොවන අතර, වෙළෙඳපොළ පහළ යාමකදී බිය වීමද නොකළ යුතුය. ඒ වෙනුවට නැණවත් ආයෝජකයකු විසින් කළ යුත්තේ, විශ්ලේෂණාත්මක හා මූලික තොරතුරු මත පදනම්ව සහ වගකීමෙන් යුතුව වෙළෙඳපොළ තත්වයට ප්‍රතිචාර දැක්වීමයි. තවද, ආයෝජනය යනු කෙටි ගමනක් නොව, දිගු ගමනක් වන බව තේරුම් ගත යුතුය.
මෙම ලිපියෙහි මූලික අරමුණ වන්නේ කොටස් මිලට බලපාන සාධක හඳුනා ගැනීම හා කොටස් මිල වෙනස්වීමට අනුව ආයෝජකයා වෙළෙඳපොළේ හැසිරිය යුතු ආකාරය කෙසේද යන්න විමසා බැලීමයි. මෙම මිල වෙනස්වීම් වලදී ආයෝජකයා ඉතා කල්පනාකාරීව, සූක්ෂමව සහ නිවැරදි ආකාරයෙන් ප්‍රතිචාර දැක්විය යුතු සේම සුදුසු ආයෝජන තීරණ ගැනීමටත් වග බලා ගත යුතුය. තීරණ ගැනීමට ඇති බිය හෝ ලාබ කෙරෙහි දැඩි ආශාව මත පදනම් වූ තීරණ ගැනීම වෙනුවට, දත්ත සහ විශ්ලේෂණ මත පදනම් වූ සූදානම් හැසිරීමක් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්නන් සඳහා වඩාත් සුදුසුය.
මිල ගණන්වල හැසිරීම - සාමාන්‍ය තත්වය
ලොව ඕනෑම කොටස් වෙළෙඳපොළක දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ මිල ගණන් නිතරම ඉහළ යෑම් සහ පහළ යෑම්වලින් යුක්තවීමයි. සමාගමක කොටස් මිල ගණන් වෙනස්වීමට ප්‍රධානවම බලපානු ලබන්නේ සමාගම් කොටස් සඳහා ඇති ඉල්ලුම හා සැපයුම යන සාධක දෙකයි. කොටස්වලට ඇති ඉල්ලුම හා සැපයුම වෙනස්වීම කෙරෙහි
සමාගමේ මූලධර්ම (Fundamentals)
ආර්ථික තත්වය (Economic Situation)
වෙළෙඳපොළ පිළිබඳව ආකල්ප (Market sentiments)
සමාගම් පිළිබඳ ප්‍රවෘත්ති සහ විවිධ සිදුවීම් (News and Events)
ගෝලීය වෙළෙඳපොළ තත්ව (Global Economy) ආදී සාධක බලපානු ලබයි.
මෙම එකිනෙක කරුණු කොටස් වෙළෙඳපොළට බලපාන ආකාරය ප්‍රථමයෙන් විමසා බැලිය යුතුය.
සමාගමක මූලධර්ම සහ කොටස් වෙළෙඳපොළ
සමාගමේ මූලධර්ම කියන්නේ මොකක්ද?
සමාගමේ මූලධර්ම යනු එම සමාගම ආර්ථික වශයෙන් හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබෙනවාද යන්න වැදගත් වන්නා වූ දත්ත සහ තොරතුරුය. මෙම දත්ත සමාගමේ කොටස්වල ආයෝජනය කිරීමට සුදුසුද නැද්ද යන්න තීරණය කිරීමට උපකාරී වේ. මෙම මූලධර්ම වලට, සමාගමට යම් නිශ්චිත කාලයක් තුළ ලැබුණු මුළු ආදායම, ලාභ, ශුද්ධ ලාබ, මෙහෙයුම් ලාබ වැනි දත්ත හා මූල්‍ය අනුපාතික වශයෙන් ලාභාංශ අනුපාතිකය, මිල ඉපයුම් අනුපාතිකය, ණය හිමිකම් අනුපාතය, සහ සමාගමේ දේපොළ, ණය සහ කොටස් හිමිකම් පිළිබඳ ආදී දත්ත ඇතුළත් වේ. මෙම දත්තවල ධනාත්මක වර්ධනයන් පෙන්නුම් කරන විට ආයෝජක විශ්වාසය ඉහළ නංවා ගැනීමට එය හේතු විය හැකි අතර වෙළෙඳපොළේ ආයෝජක හැසිරීමටද එය බලපානු ලැබිය හැකිය.
උදාහරණයක් ගෙන බැලුවහොත්, සමාගමක් ඉහළ ලාබයක් වාර්තා කරන විට එම සමාගමේ කොටස් මිල ඉහළ යා හැකිය.
ආර්ථික තත්වය කොටස් වෙළෙඳපොළ මිල ගණන්වලට බලපාන ආකාරය
රටක ආර්ථික තත්වයට එම රටේ දළ ජාතික නිෂ්පාදිතය, ස්ථාවර මූල්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය ප්‍රතිපත්ති, දේශපාලන ස්ථාවරත්වය, අන්තර්ජාතික ආර්ථික තත්වය (Global Economy) ආදී සාධක ඇතුළත් වේ. රටේ ආර්ථිකය යහපත් යැයි ආයෝජකයන්ට හැඟීමක් ඇත්නම් ආයෝජකයන් වැඩි වශයෙන් කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට පෙළඹේ. කොටස් මිල ගණන් ඉහළ යාමට එය ඉවහල් වේ. එසේම රටේ පොලී අනුපාත පහළ මට්ටමක පවතින විට සමාගම්වලට වැඩි වශයෙන් ණය ලබාගනිමින් සහ එම ණය උපයෝගී කරගනිමින් සිදුකරන ආයෝජන ඉහළ නැංවිය හැකිය. මෙසේ සමාගම් සිදුකරන ආයෝජන ඉහළ යන විට එම සමාගම්වල කොටස්වලට ඇති ඉල්ලුම ඉහළ ගොස් කොටස් මිල ගණන්ද ඉහළ යාහැකිය.
ආර්ථිකයකට සහ සමාගම්වලට බලපාන නීති, බදු ප්‍රතිපත්ති සහ රාජ්‍ය ආයෝජන වැනි කරුණුද කොටස් මිල ගණන්වල හැසිරීමට බලපෑ හැකිය. සමාගම් හා ව්‍යාපාරවලට රජයේ උදව් වැඩි වන තරමට සමාගම් වර්ධනය වීමට ඇති හැකියාවද වැඩි වේ. එය කොටස් මිලට යහපත් බලපෑමක්ද සිදු කරයි.
රටක දේශපාලන ස්ථාවරත්වය සෘජුවම කොටස් වෙළෙඳපොළකට බලපානු ලබයි. එමගින් ව්‍යාපාරික ප්‍රජාවටත්, ආයෝජකයන්ටත් බාධාවකින් තොරව නිදහසේ තම ආයෝජන කටයුතු කර ගැනීමට මනා පිටුවහලක් ලබා දෙයි. දේශපාලන ගැටලු, මහජන විරෝධතා, අනාගත අවිනිශ්චිතතා රටතුළ නොමැති නම් ආයෝජකයන්ට බිය සැක නොමැතිව කොටස් වෙළෙඳපොළ ඇතුළු ආයෝජනවල නිරත විය හැකිය. එය කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට මෙන්ම කොටස් මිල ගණන් ඉහළ යාමටද ඉවහල් විය හැකිය.
වෙළෙඳපොළ පිළිබඳව ආකල්ප (Market sentiments)
වෙළෙඳපොළ ආයෝජකයන්ගේ, ගනුදෙනු කරුවන්ගේ හෝ සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය හැඟීම්, විශ්වාස, සහ මතයන්වල එකතුවක් වෙළෙඳපොළ පිළිබඳව ආකල්ප (Market sentiments) යනුවෙන් හැඳින් විය හැකිය. වෙළඳපොළේ අනාගත දිශාව ගැන ආයෝජකයන්ගේ හැඟීම් කෙසේද යන්න එයින් විස්තර කරයි. මේ හැඟීම් ආයෝජන තීරණවලට බලපාන නිසා, කොටස් වෙළෙඳපොළ මිල ගණන්වලට ද බලපානු ලබයි. එනම් මෙය කොටස් වෙළෙඳපොළ මිල ගණන්වල වර්ධනය හෝ පහත වැටීම ආදී තත්වයට බලපාන ඉතා වැදගත් සාධකයකි. කොටසක් මිලදී ගැනීමට හෝ විකිණීමට උනන්දුවක් තිබේද යන්න තීරණය කරන්නේ මෙම හැඟීම් අනුවය.
සමාගම් පිළිබඳ ප්‍රවෘත්ති සහ විවිධ සිදුවීම්
සමාගම් පිළිබඳ ප්‍රවෘත්ති සහ විවිධ සිදුවීම් (news and events) කොටස් මිල (stock price) තීරණය කිරීමට බලපෑ හැකිය. සමාගමක් පිළිබඳ හොඳ හෝ නරක ප්‍රවෘත්ති ලැබෙන විට, වෙළෙඳපොළේ ආයෝජකයන්ගේ හැසිරීම ද වෙනස් වේ. ඒ අනුව, ඔවුන් තම කොටස් මිලදී ගන්නවාද, විකුණනවාද යන්න තීරණය කිරීමට මෙවැනි සිදුවීම් ඉවහල් කර ගනී. මේ නිසා කොටස් මිල ඉහළ හෝ පහළ යාමට ඉඩ ඇත. උදහරණ ලෙස හොඳ ප්‍රවෘත්ති (Positive News) වශයෙන් ලාබ වාර්තාවක් (Profit report) ප්‍රකාශයට පත් කිරීම, නව නිෂ්පාදන හෝ නව ආයෝජන උපකරණ හඳුන්වාදීම, විශාල ව්‍යාපාරික ගිවිසුම්වලට එළඹීම (business deal, නව වෙළෙඳපොළවල් අත්පත් කර ගැනීම, පරිපාලනයේ ප්‍රබල වෙනසක් සිදුවීම ආදී කරුණු ආදී ප්‍රවෘත්ති හා සිදුවීම් නිසා කොටස් මිල ගණන් වෙනස් විය හැකිය. මෙවැනි ධනාත්මක බලපෑම් නිසා ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ යාම, කොටස්වලට ඇති ඉල්ලුම වැඩිවීම හා එතුළින් කොටස් මිල ඉහළ යෑම ද සිදුවිය හැකිය. එසේම නරක ප්‍රවෘත්ති (Negative News) වලට උදහරණ ලෙස සමාගම් ලාභය අඩුවීම හෝ පාඩුවක් සිදුවීම, නීතිමය ගැටලුවක් (lawsuit) මතුවීම ආදිය පෙන්වා දිය හැකි අතර කොටස් මිල ගණන පහළයාමට ඒවා ඉවහල් විය හැකිය.
අන්තර්ජාතික ආර්ථික තත්වය (Global Economy)
විදේශ ආර්ථික තත්වයත් අප රටේ ආර්ථිකයට බලපෑම් කළ හැකිය. විදේශීය වශයෙන් සිදුකරන විවිධ සීමාකිරීම්, විදේශ ආයෝජකයන් තුළ, අප වෙළෙඳපොළ පිළිබඳව ඇති කැමැත්ත, විදේශීය වෙළෙඳපොළ තත්වය අප රටේ කොටස් වෙළෙඳපොළ හැසිරීමට ධනාත්මකව හෝ සෘණාත්මකව බලපෑ හැකිය.
ඉහත දැක්වූ හේතු සාධක අනුව ආයෝජකයන් වෙළෙඳපොළ තත්වයට විවිධාකාර වශයෙන් ප්‍රතිචාර දක්වයි. මෙම හේතු සාධක පදනම් කරගෙන ආයෝජකයන් ඔවුන්ගේ ආයෝජන පුරුදු, අත්දැකීම්, අරමුණු වැනි කරුණුද සලකා බලමින් කොටස් වෙළෙඳපොළේ හැසිරෙන ආකාරයද ආයෝජකයාගෙන් ආයෝජකයාට වෙනස් වේ. උදාහරණ ලෙස,
අනවශ්‍ය බියක් ඇතිකර ගනිමින් තම කොටස් විකිණීම
අධික විශ්වාසය මත අධික මිලට කොටස් මිලදී ගැනීම
‘‘සියල්ල විකුණා සැනින් ඉවත් වීම” වැනි තීරණ පෙන්වා දිය හැකිය.
මෙවැනි ක්‍රියා බොහෝවිට ආයෝජකයාට වඩාත් අවාසිදායක වේ. මෙම අවාසිදායක තත්වය මඟහැර ආයෝජකයන් විසින් සිදුකළ යුතු නිවැරදි ක්‍රියා පහත අයුරින් පෙන්වා දිය හැකිය.
වෙළෙඳපොළ කොටස් මිල ගණන්වල වෙනස්වීම්වලට නිවැරදිව ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?
1. වෙළෙඳපොළ තේරුම් ගැනීම
වෙළෙඳපොළ ස්වභාවයෙන්ම සංවේදීය. මිල ගණන් දිගින් දිගටම ඉහළ යාමක් හෝ පහළ යාමක් පෙන්නුම් කළ ද, ඒවා ස්ථිර නොවන අතර ඉදිරි දිනවලදී වෙනස් විය හැක. මෙසේ කොටස් වෙළෙඳපොළක් අඛණ්ඩව ඉහළ යන තත්වයක් ‘‘බුල් මාර්කට්” යනුවෙන්ද, කොටස් වෙළෙඳපොළක් අඛණ්ඩව පහළ යන තත්වයක් ‘‘බෙයාර් මාර්කට්” යනුවෙන්ද හඳුන්වයි. බුල් මාර්කට් තත්වයකදී කොටස් විකිණීම අපේක්ෂාවෙන් සිටින ආයෝජකයන්ට ඉහළ මිලක් යටතේ කොටස් අලෙවි කර ගැනීමට හැකියාව ලැබෙන අතර කොටස් මිලදී ගන්නා ආයෝජකයාට වඩාත් හිතකර වාතාවරණයක් වන්නේ බෙයාර් මාර්කට් තත්වයකි. එහිදී පහළ මිලකට කොටස් මිලදී ගැනීමට ආයෝජකයාට අවස්ථාව සැලසේ.
2. මූලික විශ්ලේෂණයකට යොමුවීමට වග බලා ගැනීම
කොටස් මිලදී ගැනීමට පෙර සමාගම්වල කොටස් පිළිබඳ යම් විශ්ලේෂණයක් කළ හැකි නම් එවැනි ආයෝජකයන්ට ඉහළ ප්‍රතිලාභ ගෙන දෙන කොටස් මොනවාද යන්න පහසුවෙන් අවබෝධ කර ගත හැකිය. සමාගම සතු වත්කම් කෙසේද, සමාගමේ ණය තත්වය කෙසේද, සමාගමේ ආදායම් සහ ලාභාලාභ තත්වය යහපත් මට්ටමක පවතීද, සමාගමේ ඉදිරි ව්‍යාපාර සැලසුම් මොනවාද, යන්න මූලික විශ්ලේෂණයකට ඇතුළත් වන කරුණුවලින් කිහිපයකි. මෙම දත්ත පිළිබඳව අවධානය යොමු කළ හැකි නම් එවැනි ආයෝජකයන්ට කොටස් වෙළෙඳපොළ ආයෝජනය හරහා ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමට වැඩි ඉඩක් ඇත.
3. තාක්ෂණික විශ්ලේෂණය භාවිත කිරීම
තාක්ෂණික විශ්ලේෂණය යනු මූලික විශ්ලේෂණයේදී මෙන් දත්ත පදනම් කර ගැනීමට වඩා සමාගම්වල අතීත කොටස් මිල ගණන්වල හැසිරීම්වල යම් යම් රටා හඳුනා ගනිමින් ආයෝජන තීරණ ගන්නා ක්‍රමයකි. ඒ සඳහා ප්‍රස්ථාර, රේඛා සටහන් ආදිය භාවිත කරමින් සමාගම්වල ඉදිරි මිල හැසිරීම් කෙසේ වේවිද යන්න අවබෝධයක් ලබා ගත හැකිය.
4. යථාර්ථය සහ ප්‍රවෘත්ති අතර වෙනස තේරුම් ගැනීම
කෙටි කාලීනව ලැබෙන ප්‍රවෘත්ති, තොරතුරුවලට අධික ලෙස ප්‍රතිචාර දැක්වීම කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී සුදුසු නැත. සමහර විට එවැනි ප්‍රතිචාර ඔබගේ අනාගත ලාබ ලැබීමේ හැකියාව අහිමිකරවිය හැකිය. මේ නිසා යථාර්ථවාදී, නිවැරදි සහ හොඳින් තහවුරු කරගත් තොරතුරු පදනම් කරගෙන කොටස් මිලදී ගැනීම හා විකිණීම් සිදු කළ යුතුය. කටකථා මත හෝ සමාජ මාධ්‍යය හරහා සුදුසු කම් නොලත් පුද්ගලයන් විසින් කොටස් මිල ගණන්වල ඉදිරි හැසිරීම ගැන කරන ප්‍රකාශ, පළකිරීම් භාවිත කොට තම ආයෝජන තීරණ ගනිමින් කොටස් වෙළෙඳපොළෙහි නොහැසිරිය යුතුය.
5. ආයෝජන විවිධාංගීකරණය කරමින් ආයෝජනය කිරීම
කොටස් වෙළෙඳපොළේ හැසිරෙන ආයෝජකයකු විශේෂයෙන් අනුගමනය කළ යුතු ආයෝජන උපක්‍රමය ආයෝජන විවිධාංගීකරණයයි. ඒයින් අදහස් වන්නේ ව්‍යාපාර ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය වන ආකාරයෙන් සමාගම් කිහිපයක කොටස්වලින් යුත් ආයෝජන කළඹක් පවත්වා ගැනීමයි. කොටස් මිල ගණන් ඉහළ හා පහළ යන ආකාරය අධ්‍යයනය කරමින් තම ආයෝජන කළඹ නිසි ලෙස කළමනාකාරණය කිරීමට ආයෝජකයා කටයුතු කළ යුතුය. කොටස් මිල උච්චාවචනයවීමෙන් සිදු විය හැකි අවදානම අවම කිරීමට එමගින් හැකියාව ලැබේ.
6. අනවශ්‍ය ලෙස බියට පත්ව තම කොටස් විකුණා දැමීම වැනි අතීශයින් කලබලකාරී තීරණ නොගැනීම
කොටස් වෙළෙඳපොළක් ඉහළ හෝ පහළයාම ලොව ඕනෑම කොටස් වෙළෙඳපොළකට ආවේණික තත්වයක් බව අප මීට කලින්ද පැවසුවෙමු. එහෙත් සමහර ආයෝජකයෝ එය තේරුම් නොගෙන කොටස් වෙළෙඳපොළේ හැසිරෙමින් ප්‍රතිචාර දක්වති. උදහරණ ලෙස කොටස් වෙළෙඳපොළ පහළ යන විට, කලබල වී වහාම තම කොටස් විකුණා දමන්නට පෙළඹෙති. මෙම ආයෝජකයන්ගේ අරමුණ දිගුකාලින එකක් නම් මෙවැනි කෙටිකාලීන වෙළෙඳපොළ හැසිරීම්වලට හදිසි ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවක් පැන නොනඟී. බොහෝවිට එය තාවකාලික මිල පහළයාමේ අවස්ථාවක් පමණක් වන අතර, දිගුකාලීනව එහි බලපෑමක් නොමැති විය හැකිය. පහත උදාහරණය දෙස අවධානය යොමු කිරීමෙන් එය වඩාත් පහසුවෙන් අවබෝධ කර ගත හැකිය.
උදාහරණය: 2022 ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමයේ කොටස් වෙළෙඳපොළ තත්වය
2022දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්වූ අවස්ථාව අප සැම දන්නා කරුණකි. එම අවස්ථාවේදී කොළඹ කොටස් හුවමාරුවේ කොටස් මිල ගණන්වල (Colombo Stock Exchange) දැඩි පහළ යාමක් දැකගත හැකි විය. සමහර ආයෝජකයන් තැතිගත් අතර කලබල වී තම කොටස් විකිණීමට පෙළඹුණු ආකාරයද එහිදි නිරීක්ෂණය විය. එහෙත් දිගුකාලීන අරමුණු ඇතිව ව්‍යාපාර පිළිබඳව විශ්වාසය තබාගෙන සිටි ආයෝජකයන් ආර්ථික අර්බුදය ක්‍රමයෙන් පහව යන විට තම කොටස් විකුණා ප්‍රතිලාභ ලැබූ ආකාරය පසුගිය කාලවකවානුවේ කොටස් වෙළෙඳපොළ ඉහළයාමේ තත්වය හමුවේ ආයෝජකයන් කටයුතු කළ ආකාරය අනුව තේරුම් ගත හැකිය. අනාගතයේදී එය වාසිදායක තීරණයක් බවට පත්වියහැකි බව තේරුම් ගනිමින් එම ආයෝජකයන් වෙළෙඳපොළේ හැසීරීම නිසා ඔවුන්ට එම වාසි අත් කර ගැනීමට හැකි විය.
නිගමනය
කොටස් වෙළෙඳපොළක් යනු හැමවිටම ඉහළ ගමන් කරන තත්වයක් සහිත වෙළෙඳපොළක්ය යන්න සිතා කටයුතු කිරීම සුදුසු ක්‍රියාවක් නොවන අතර, වෙළෙඳපොළ පහළ යාමකදී බිය වීමද නොකළ යුතුය. ඒ වෙනුවට නැණවත් ආයෝජකයකු විසින් කළ යුත්තේ, විශ්ලේෂණාත්මක හා මූලික තොරතුරු මත පදනම්ව සහ වගකීමෙන් යුතුව වෙළෙඳපොළ තත්වයට ප්‍රතිචාර දැක්වීමයි. තවද, ආයෝජනය යනු කෙටි ගමනක් නොව, දිගු ගමනක් වන බව තේරුම් ගත යුතුය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඔභ නැණවත් ආයෝජකයෙක්ද