IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


වතු කර්මාන්තයේ ප්‍රශ්න විසඳන්නේ කවදාද?

වතුවල සේවකයන්ට වැටුප් ගෙවන්නේ හරිම ඇමාරුවෙන්

සේවකයන්ට වැටුප් ගෙවා ගන්න බැරිව ඉන්න වෙලාවක අලු‍තින් ආදායම් බදුත් ගන්න හදනවා

වතු කම්කරුවන්ට ආයෙත් වැටුප් වැඩි කළොත් ඒක ලොකු ප්‍රශ්නයක් 

වතුවලට දෙන පොහොර දැන් බොහෝම බාලයි


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී.ජේ. විජේසිංහ


සිය රටේ ව්‍යවසායකයන් ආරක්ෂා කර ගැනීම රටේ පාලකයන්ගේ වගකීමකි. ව්‍යවසායකයන් ආරක්ෂා කර නොහැනීමේ ආදීනව ඉතිහාසයෙන් පෙනේ. ව්‍යවසායකයන් ආරක්ෂා කර නොගෙන ඔවුනට අවශ්‍ය පහසුකම් නොදී මෙරට කඩා ඉහිරුණු කර්මාන්ත සංඛ්‍යාව ඉතා ඉහළය. කනගාටුවට කරුණ නම් එදා මෙන්ම අදත් රට කරවන ඇත්තන් මේ ගැන නොසිතීමය. සොයා නොබැලීමය. 

ව්‍යවසායකයන් ආරක්ෂා කර නොගනිමින් ඔවුනට අවශ්‍ය පහසුකම් නොදීමෙන් කඩා ඉහිරුණු කර්මාන්ත අතරට අලු‍ත් කර්මාන්තද මේ වනවිට එක්වෙමින් ඇත. ඒ වතු කර්මාන්තයයි. අපේ රටේ වතු කර්මාන්තයට ඇත්තේ දිගු ඉතිහාස කතාවකි. මෙරට කර්මාන්ත අතරින් වතු කර්මාන්තයට හිමිවූයේ අද්වතීය ස්ථානයකි. වතු ක්ෂේත්‍රයේ රැකියාව කළවුන්ටද ලැබුණු තැන ඉහළය. එහෙත් අද වතු හිමියන්ට ද තැනක් නැත. වතු වල වැඩකරන අයටද තැනක් ඇත්තේම නැති තරම්ය. 

වතු හිමියන්ගේ සංගමයේ සභාපති රංජිත් ගුණවර්ධන: ඇත්තටම අද වතු කර්මාන්තය අන්තයටම වැටිලා. ප්‍රශ්න ගොඩක් උඩයි අද වතු කර්මාන්තය තියෙන්නේ. මේ රටට ඩොලර් ගේන ව්‍යවසායකයන් හැටියට දැන් දැන් වතු කර්මාන්තයට බලපාලා තියෙන මේ ප්‍රශ්න හා ගැටලු‍ත් එක්ක මේ කර්මාන්තය කරගෙන යන්න බැරි මට්ටමකයි තියෙන්නේ. ඒකයි අද වතු කර්මාන්තයේ තත්වය. වතුවල සේවකයන්ට වැටුප් ගෙවන්නේ හරිම ඇමාරුවෙන්. සේවකයන්ට වැටුප් ගෙවලා අනෙක් ගෙවීම් එක්ක වත්තෙන් එතරම් ලාබයක් නැහැ. වතු කර්මාන්තය දැන් දුවන්නේ රිම් එකෙන්. වත්තේ වැඩකරන සේවකයන්ට වැටුප් ගෙවා ගන්න බැරිව ඉන්න වෙලාවක දැන් අලු‍තින් ආදායම් බදුත් ගන්න හදනවා. මේ වැඩ අවුරුදු පහක් තිස්සේ නතර කරලා තියෙන්නේ. මේ බද්ද ගෙවන්න සිද්ධවුණොත් ලංකාවේම වතු ටික හාන්සිවෙනවා. ඊළඟට එක එක්කෙනා ජනපිය වෙන්න වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්නයි කියනවා. වතු කම්කරුවන්ට පහුගිය රජයෙන් වැඩි කළ වැටුප දෙන්නෙත් බොහෝම අමාරුවෙන්.ඒ වගේ වෙලාවක ආයෙත් වතු කම්කරුවන්ට වැටුප් වැඩි කළොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා.

අපිත් කැමැතියි අපේ සේවකයන්ට ඉහළ වැටුපක් දෙන්න. ඒත් ආදායමක් නැත්නම් කොහොමද දෙන්නේ. මේ ආදායම් බදු අපිට ගෙවන්න කියලා කියන්නෙත් වත්තේ ආදායම විතරක් ගණනය කරලයි. වත්තේ ආදායම ඉල්ලක්කම් කිහිපයක් වුණාට යන වියදම, වත්ත නඩත්තු කරන වියදම අපිට කවුරුහරි දෙනවනම් කමක් නැහැ. මේ නිසාම අද බොහෝ අය වතුකර්මාන්තයෙන් ඈත් වෙන්න පටන් අරන්.

වතු හිමියන්ගේ සංගමයේ ලේකම් උෂාන් සමරසිංහ: වතු කර්මාන්තය දියුණු කරන්න හෝ නවීකරණය කරන්න අදාළ නිලධාරීන්ට වුවමනාවක් නැහැ. අපි සංගමයක් විදිහට වතු කර්මාන්තය දියුණු කරලා දෙන්න කියලා නැත්නම් වතු කර්මාන්තය රැක දෙන්න කියලා අදාළ බලධාරීන්ගෙන් කොතරම් ඉල්ලු‍ම් කරලා ඇත්ද. අපි ප්‍රශ්නය ඇහැව්වේ උත්තරයත් එක්ක. අපේ සංගමයෙන් අදාළ බලධාරීන්ට වතු රැකගැනීමට කළ යෝජනාවලියට මෙතෙක් පිළිතුරක් නැහැ. ඒ වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් නැහැ. ඉතිං කොහොමද වතු කර්මාන්තය දියුණු කරන්නේ. ලංකාවේ වතු කර්මාන්තය දියුණු කරවන්න පුළුවන්. ඒ සඳහා ආයෝජකයන් ඉන්නවා. අපි සංගමයක් විදිහට මේ බව අදාළ බලධාරීන්ට දැනුම් දුන්නත් ඔවුන් නිහඬයි. හරිම කනගාටුවට කරුණක් ඒක.

වතු හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික නිර්මාන විජේසුන්දර: වතු කර්මාන්තය කරගෙන යාමට තියෙන ලොකුම ප්‍රශ්නය කම්කරු ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නයට පේනතෙක්මානයක විසඳුමක් නැහැ. රජයෙන් දෙන අස්වැසුම දීමනාව ගත්තාම සතියක් විතර කම්කරුවන් වත්තේ වැඩට එන්නේ නැහැ. වතු කර්මාන්තය කරගෙන යාමට නම් අනිවාර්යයෙන්ම කම්කරුවන් ඉන්න ඕන. මේ රටේ කම්කරුවන් නැත්තම් පිටරටකින් හරි කම්කරුවන් රැගෙන එන්න කියලයි මම කියන්නේ. කම්කරුවන් හරියට ඉන්නවානම් අපේ ප්‍රශ්නවලින් භාගයක්ම ඉවරයි. එසේ නොවනතාක් කල් අපේ වතු කර්මාන්තය හරියට කරගෙන යන්න බැරිවෙනවා.

නෙලු‍ව ප්‍රදේශයේ වතු හිමියකු වන, අනුර සේනානායක: වතු කම්කරුවන් දැන් ටකරන් මඩු වගේ ඒවයේ ඉන්න කැමැති නැහැ. රජයෙන් ඒ සඳහා අපිට සහනදායී ණය මුදලක් දෙනවනම් අපිට පුළුවන් සේවක,සේවිකාවන් වෙනුවෙන් හොඳ නිවාස ටිකක් හඳලා දෙන්න. සේවක ප්‍රශ්නය අපි හැමදෙනාටම බලපා ඇති ලොකු ප්‍රශ්නයක්.

වතුවලට දෙන පොහොර දැන් බොහෝම බාලයි. තේ පොහොර ගැන බැලු‍වොත් සතියයි පොහොර වැඩ කරන්නේ. සතියෙන් පස්සේ ආයෙමත් තේ පොහොර දාන්න වෙනවා. මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එදා අපිට හොඳ පොහොර ලබුණා. ඒවායෙන් අපි කාලයක්ම හොඳ අස්වැන්න ලබා ගත්තා. මේවා ගැන සොයන්න කවුරුත් නැහැ. 

ජානක ජයනෙත්ති: අපි බොහෝ දෙනෙක් පිටරට දුක්විඳලා තමයි වතු කර්මාන්තයට ආවේ. ඒ වෙනුවෙන් මුදල් කන්දරාවක්ම යටකළා. අපි ව්‍යවසායකයන්. අපේ ප්‍රශ්න සහ ගැටලු‍වලට හරිහමන් උත්තර සැපයීම අදාළ අයගේ වගකීමක්. වතු කර්මාන්තය ඉහළ දාන්න නම් ඒ සඳහා බලපාලා තියෙන ප්‍රශ්න සහ හැටලු‍ ඉක්මනින්ම විසඳලා දිය යුතුයි. ඒ වගේම වතු කර්මාන්තයත් නවීකරණය විය යුතුමයි.

වතු හිමියන්ගේ සංගමයේ ප්‍රධාන අනුසාශක, විශ්‍රාමික තේ නිලධාරී අශෝක හේවාවසම්: වත්ත කියන්නේ සම්පතක්. මේ සම්පතෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. වතු කර්මාන්තයට බද්ධ කරගෙන යාහැකි කර්මාන්ත ගැන සිතුවොත් හොඳයි. වතු කර්මාන්තයත් එක්ක ගළපන්න පුළුවන් වෙන්නේ සංචාරක කර්මාන්තයයි. සංචාරක කර්මාන්තයත් එක්ක වතු කර්මාන්තය බද්ධ කළොත් වතු කර්මාන්තයේ හෙට දිනය සුබදායක වේවි. නැතිවුණොත් වතු කර්මාන්තයට වැඩි කළක් දුවන්න බැරිවේවි. 

අප මේ සම්බන්ධයෙන් වතු වගාවට සෘජු සම්බන්ධතාවක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරාගෙන් විමසීමක් කළ විටදී ඒ මහතා මෙසේ ද කීය.

මමත් වතු කර්මාන්තයට සම්බන්ධ කෙනෙක්.මමත් වගා කරනවා. වතු කර්මාන්තයට ගැටලු‍ තියෙන බව පිළිගන්නවා. මම කැමැතියි වතු කර්මාන්තයට තියෙන ගැටලු‍ රජයේ පාර්ශකරුවෙක් හැටියට වතු කර්මාන්තය සම්බන්ධ විෂයභාර අමාතයවරයාගේ අවධානයට නතු කරන්න. ඒ වගේම රජයේ අදාළ බලධාරීන්ට යොමු කරවන්න. වතු හිමියන්ගේ සංගමයට ඒ සඳහා අවස්ථාව සලසාදීමේ මැදිහත්කරුවකු විදිහටත් අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. වතු කර්මාන්තයෙන් අපේ ආර්ථිකයට ලොකු තල්ලු‍වක් ලබෙනවා. 



අදහස් (0)

වතු කර්මාන්තයේ ප්‍රශ්න විසඳන්නේ කවදාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 262 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 314 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site