‘අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධූරය අවලංගු කරන්න’ ‘අපේ ජනබල පක්ෂය’ට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද(21)ඇඹිලිපිටියේදී පැවැසූහ. 21 August 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මිලියන තුනක් ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ ගණන මිලියන තුනකට ආසන්න වී තිබේ. 21 August 2020
සුවය ලැබූ 24ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 24දෙනෙකු සුවය ලබා අද(21) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය උදෑසන 10.00ට පළ කළ නවතම වාර්තාවේ සඳහන් කරයි. 21 August 2020
ජයන්ත සමරවීර වැඩ බාරගනී ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද (21) කොළඹ කොටුව වරාය අධිකාරි පරිශ්‍රයේ පිහිටි රාජ්‍ය අමාත්‍යාංශයේදී සිය ධුරයෙහි වැඩ භාරගත්තේය. 21 August 2020
මුහුදට වැටී මිය ගිය තරුණයාගේ සිරුර තංගල්ල ධීවර වරායට ගෙන එයි කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවකින් හදිසියේ මුහුදට ඇද වැටීමෙන් මිය ගියැයි කියන තරුණයකුගේ සිරුර රාත්‍රියේ තංගල්ල ධීවර වරායට ගෙනා අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) තංගල්ල ධීවර වරායේදී සිදුකෙරිණි. 21 August 2020
රාජිත-මලික්-මංගල-සුමන්තිරන් දේශපාලන පළිගැනීම් සොයන කොමිසමට රාජිත සේනාරත්න,මලික් සමරවික්‍රම,මංගල සමරවීර සහ සුමන්තිරන් දේශපාලන පළිගැනීම් සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ. 21 August 2020
කුඩු කෙරුමන්ගේ ජාලය බිඳ දමමු වැටත් නියරත් ගොයම් කනවා නම් කියන්න කෙනකු නැති බවට සඳහන් ප්රස්ථාවපිරුළ අපේ රටේ ජනප්‍රිය කියමනකි. මෙරට කුඩු මාෆියාව වැඩ කර ඇති ආකාරය අනුව එම කියමන අලුතින් ලිවීමට සිදුව තිබේ. වැටත් නියරත් පමණක් නොව ‘‘කුඹුරට හරවන වතුරද ගොයමට යොදන පොහොරද අවට ගස්කොළන්ද යනාදී සියල්ල විසින්ම ගොයම කා දමනවා නම් මක් කොරන්නද’’ යනුවෙනි. 21 August 2020
සම්පායෝ ඇල්ලීම රඟපෑමක් වරෙන්තු ලැබ සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ක්‍රියාකළ ආකාරය පිළිබදව සහ එම අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වහාම දැනුම් දෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත. 21 August 2020
හෙරොයින්-මුදල් සමඟ කාන්තාවක් අත්අඩංගුවට රාජගිරිය කලපළුවාව ප්‍රදේශයේදී හෙරොයින් අලෙවිය සඳහා යමින් සිටි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් දෙසියයකට ආසන්න ප්‍රමාණයක් සමඟ (20) අලුයම අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි . 21 August 2020
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු විවාදය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය අද (21) පැවැත්වේ. 21 August 2020
ක්‍රෙඩිට් කාඩ් - උකස් පොලී පහළට ණය කාඩ්පත් (ක්‍රෙඩිට් කාඩ්පත්) සහ උකස් ණය සඳහා අය කරන පොලී අනුපාත අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 21 August 2020
ශ්‍රීලනිපයෙනුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා උපදේශක කමිටුවක් පත් කිරීමට අද (20) පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීන්දුවක් ගෙන ඇත. 20 August 2020
රාජ්‍ය ආයතනවල නිෂ්පාදන එකම තැනකින් මිලදී ගැනීමට අවස්ථාවක් රාජ්‍ය ආයතනවලට අයත් වෙළඳ නිෂ්පාදන ද්‍රව්‍ය එකම ස්ථානයකින් මිලදී ගැනීම සඳහා රජවාසල නමින් නවතම වෙළඳ සැල් ක්‍රමයක් රටපුරා ආරම්භ කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත. 20 August 2020
ශ්‍රීලනිප අපේක්ෂකයන්ට සහය නොදුන් සංවිධායකයින්ට එරෙහිව විනය පියවර මෙවර මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට සහයෝගය ලබා නොදුන් සියලු ආසන සංවිධායකවරුන්ට සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණය කර ඇත. 20 August 2020
ලක්ෂ 22 ක ගංජා තොගයක් කටුනායකදී අත්අඩංගුවට රුපියල් ලක්ෂ 22 ක් පමණ වටිනා ගංජා තොගයක් පාර්සල් 03 ක් ලෙස සකස් කර ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (20) අත්අඩංගුවට ගත්බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය. 20 August 2020
සමඟි ජනබලවේගයේ අපේක්ෂකයකුට මැර ප්‍රහාරයක් සමඟි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේදී අද (20) තියුණු ආයුධයකින් පහරදී ඇතැයි තංගල්ල පොලිසිය කියයි. 20 August 2020
කොරෝනා ආසාදිතයින් 16 ක් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (20) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 2918 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 20 August 2020
භාණ්ඩ මිලදී ගන්න සතොසෙන් වෙබ් අඩවියක් ඕනෑම අයෙකුට නිවසේ සිටම සතොස වෙළඳ සැල් මගින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා නව වෙබ් අඩවියක් www.lankasathosa.lk නමින් අද (20) කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති උත්සවයකදී රටටම හඳුන්වා දෙනු ලැබීය. 20 August 2020
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන පත්කරනු ලැබ ඇ.ත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් හිටපු නායකයකු මෙන්ම මේ වන විට එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේත් සභාපතිත්වයද දරන කුමාර් සංගක්කාර මහතාද සාමාජිකයන් 14 දෙනකුගෙන් සමන්විත ජාතික ක්‍රීඩා සභාවට පත්කර තිබේ. 20 August 2020
‘භික්ෂූන්ගේ හැසිරීම ගැන මහානායක හිමිවරු වගකිව යුතුයි’ ජනබල පක්ෂයට හිමිවූ පාර්ලිමේන්තු අසුන බෙදාගන්නට නොහැකිව බෞද්ධ සමාජය අපහසුතාවට පත්කරමින් භික්ෂූන් වහන්සේලා හැසිරීම ගැන මහා නායක ස්වාමින් වහන්සේලා සහ ශාසනභාර ස්වාමීන් වහන්සේලා වගකිව යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. 20 August 2020
අල්ලස් කොමිසම හිටපු ඇමැති රාජිතට එරෙහිව නඩු පවරයි 2014 වසරේදී මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීම තුළින් රජයට විශාල පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව අද (20) කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය. 20 August 2020
හෝර්ටන්තැන්නේ අති සංවේදී තෘණ භූමි පාගා දඩ කති හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ අති සංවේදී තෘණ භූමි පාගමින් හානි කිරීමේ චෝදනාවට වරද පිළිගත් සිව්දෙනෙකුට රුපියල් 80,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය. 20 August 2020
ශ්‍රී ලාංකික නැවියා නිදහස් කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ජපන් සමාගමකට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් මීට සති කිහිපයකට පෙර මුරුසි දුපත ආසන්නයේදී කොරල් පරයක ගැටීමෙන් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ එම නෞකාවේ ප්‍රධන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික නැවියා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 20 August 2020
හෝර්ටන්තැන්නට අවසරපත් නැතිව ඇතුළු වූ 5කට දඩ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට නිසි අවසරපත් නොමැතිව හවුලේ ඇතුළුවීම හා වල් ඌරු මස් සන්තකයේ තබාගැනීම යන චෝදනා සඳහා වරද පිළිගත් පුද්ගලයන් 5දෙනෙකුට රුපියල් 175,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය. 20 August 2020
පාඨලීගේ නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනාට අධිචෝදනා බාරදෙයි හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනාට අද(20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය. 20 August 2020
බතික් රාජ්‍ය ඇමැති බතික් ඇඳුමකින් එයි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (20) පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ බතික් රෙදි යොදාගෙන මැසූ ජාතික ඇඳුමකින් සැරසීගෙනය. 20 August 2020
දක්ෂිණ අධිවේගයේ පිවිසුම අසළ රිය අනතුරකින් අයෙක් මරුට මත්තල විසි දෙකේ හන්දිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම ආසන්නයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරෙන් යතුරුපැදියේ පසුපස ආසනයේ ගමන් ගත් පුද්ගලයකු අද(20) මිය ගොස් ඇති බව ලුණුගම්වෙහෙර පොලිසිය කියයි. 20 August 2020
සත්ව ආහාර නිෂ්පාදනයට ගෙනා සහල් තොගයක් අල්ලයි සත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදාගැනීමට සූදානම් කර තිබූ දේශීය සහල් කිලෝග්‍රෑම් 35,000 ක් වාරියපොල බණඩාරකොස්වත්‍ත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක තිබී අද (20) අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පාරිභෝගික කටයුතු අධිකාරි කාර්යාලය පැවසීය. 20 August 2020
රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති - අලෙවි අධ්යක්ෂ ජනපති කොමිසම හමුවට ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ අලෙවි අධ්යක්ෂ සනත් දළුවත්ත යන මහත්වරුන් දෙදෙනාට ලබන 25 වැනි දින දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (20) නියෝග කළේය. 20 August 2020
ජර්මානු තාක්ෂණ අභ්‍යාස ආයතනයේ ශාඛා රට පුරා අරඹනවා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ශාඛාවන් දුෂ්කර පළාත්වල ආරම්භ කිරීමට අවශ්‍ය වන ප්‍රතිත්තිමය කරුණු හා උපාය මාර්ගික කරුණු ඇතුළත් වාර්තාවක් ඉක්මණින් ලබාදෙන්නැයි නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම ආයතනයේ නිලධාරින්ට උපදෙස් දී ඇත. 20 August 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026