(දසුන් රාජපක්ෂ)
ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ අලෙවි අධ්‍යක්ෂ සනත් දළුවත්ත යන මහත්වරුන් දෙදෙනාට ලබන 25 වැනි දින දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (20) නියෝග කළේය.
මෙම මහත්වරුන් දෙදෙනා ජනාධිපති කොමිසම වෙත වෙනම කළ පැමිණිලි දෙකක් විභාග කිරීම ආරම්භ කිරීම ලබන 25 වැනි දින සිදු කරන ලෙසද කොමිසමේ සභාපතිවරයා නියම කළේය.
ඔවුන් කළ පැමිණිළි අද (20) කැඳවූවද ඒවාට අදාළව සූදානමින් නොපැමිණි බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.
පැමිණිළි විමර්ශනය කිරීමට කෙටි කාලයක් ලබා දෙන ලෙසද එම නීතිඥවරු කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ කොමිසමේ සභාපතිවරයා ලබන 25 වැනි දින මෙම පැමිණිළි කැඳවීමට නියම කළේය.
දැනුම්දීමකින් තොරව නීති විරෝධීව සේවයෙන් ඉවත් කිරීමෙන් තමන්ගෙන් යහපාලන රජය දේශපාලනිකව පලිගෙන ඇති බව පැමිණිලිකරුවන් දෙදෙනා ජනාධිපති කොමිසමට පැමිණිලි කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd