
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
2014 වසරේදී මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීම තුළින් රජයට විශාල පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව අද (20) කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
මෙසේ නඩු පවරනු ලැබුවේ එවකට ධීවර අමාත්‍ය ධූරයේ කටයුතු කළ ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න , ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන මහත්වරුන්ට එරෙහිවය.
2014 වසරේ අගෝස්තු මස 01 වැනිදා සහ එම වසරේ නොවැම්බර් මස 01 වැනිදා අතර කාලසීමාව තුළදී රජයට අතිවිශාල පාඩුවක් සිදුවන අයුරින් මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ.කේ ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගමට අඩු මුදලකට බදු දීමට පළමු විත්තිකාර හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කිරීමෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය නැමැති වරද සිදු කළ බවද , සෙසු විත්තිකරුවන් දෙදෙනා එම තීරණයට සහයෝගය දැක්වීමෙන් වරදක් සිදු කර ඇති බව සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව අධි චෝදනා පහක් මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.
විත්තිකරුවන්ට එරෙහිව මෙම අධි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 17 ක් සහ නඩු භාණ්ඩ 55 ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අල්ලස් කොමිසම මහාධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව ගොනු කරන්නේ වසර 6කට පස්සේ ... තීන්දුව දෙන්න තව වසර කීයක් යයිද?
ඇප නම් දෙන්න එපා...
2/3 බලයක් තිබෙන නිසා නඩු නැතිව හිරේ දාන්න ක්‍රමයක් හදන්න බැරිද? රාජිතගෙයි, චම්පිකගෙයි දේශපාලන ජීවිතය මෙතැනින් ඉවර කරන්න පුළුවනි නම් ඒක රටකට කරන සෙතක්...