
(ජයන්ත සමරකෝන්)
ඕනෑම අයෙකුට නිවසේ සිටම සතොස වෙළඳ සැල් මගින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා නව වෙබ් අඩවියක් www.lankasathosa.lk නමින් අද (20) කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති උත්සවයකදී රටටම හඳුන්වා දෙනු ලැබීය.
ඒ අනුව මෙරටදී පමණක් නොව විදේශරටකදී වුවද සතොස මගින් ඕනෑම අයෙකුට භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන බව මෙම අඩවිය විවෘත කරමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ප්‍රථම අදියරේදී කොළඹ හා මහනුවර ප්‍රදේශවල පරිභෝගික ජනතාවට මෙම වෙබ් අඩවිය මගින් භාණ්ඩ ඇනවුම් කිරීමේදී නොමිලේම ඒවා ප්‍රවාහනය කරදීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අට පිරිකරක් කරගෙන හාල්මුට්ටි ටිකක් එකතු කරගෙන ශුන්‍යාගාරයකට ගියොත් හොඳ නැද්ද? දැන් එලොවට වැඩක් කරගන්න ඕනේ...
බොහොම අගේ කරනවා. මම අවුරුදු 15ක් ඉඳලා ලංකාවට බඩු යවන්නේ කීල්ස් එකෙන්... සර්විස් එක නම් හරිම වේගවත්... හැබැයි බඩු ගණන්.. සතොස හරියට වැඩේ කළොත් අපිට හොඳයි.
ඉතා හොඳ ප්‍රවණතාවක්... භාණ්ඩ නොමිලේ ප්‍රවාහනය කර ගැනීමට යම් අවම මුදලකට භාණ්ඩ මිලදී ගත යුතුද?
ඔන්ලයින් හාල්, පරිප්පු නෙමේ... රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න... අධ්‍යාපන, ප්‍රවාහන, කෘෂිකර්ම... ඒවා හඳුනාගෙන පිළියම් යොදන්න.
පැමිණිලි අංශයට කීපදෙනෙකු වැඩිපුර දැම්මොත් නරකද? රාජ්‍ය ආයතනයක් ඔන් ලයින් බිස්නස් කලා කියන්නේ චොර තමයි.
ඇත්තටම ඕක කියන්න තරු හෝටලේ උත්සවයක් තියන්නම ඕනෙද?
අල විකුණන්නත් පුලුවන්, පට්ට පුරුදුයිනේ විකිණිලා...
ඔය වැඩේට Hilton එකටම යන්න ඕනද? බිල කීයද? අපි මේ බලාගෙන ඉන්නෙ ඔයාල කාපු බීපුවගෙ බිල ගෙවන්න.
මෙතන ‘‘අන්තර්ජාලයේ ලිපිනයක්‘‘ තිබුණට ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද?
රු:2500 ක බඩු ඕඩර් කළාම මාසෙකට ජීවත් වෙන්න ඇති වෙයි නේද?