
(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (20) පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ බතික් රෙදි යොදාගෙන මැසූ ජාතික ඇඳුමකින් සැරසීගෙනය.
රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා සිය ධූරයේ වැඩ භාර ගත්තේද බතික් රෙදිවලින් නිෂ්පාදිත මුහුණු ආවරණයක් හඳුන්වා දෙමිනි.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම්..., ඒ බතික් ඇඳුම නම් ලස්සනයි. ඔය විදිහේ සුලලිත සෞම්‍ය පාටවල් දාලා කාන්තා ඇඳුම්, සාරි එහෙම හදන්න බැරිද? වෙළඳපොලේ තියෙන තද පාට බතික් සාරි, ඔසරි, ලුංගි, හැට්ට ඒකාකාරියි ගොරහැඩියි. ඉල්ලුමක් තියෙනවා... නමුත් හැමෝම කැමති නැහැ.
ගැහැණු අයට, විශේෂයෙන් සිංහල කාන්තාවන්ට ජාතිකත්වය ඇතුව ඇඳුම් අඳින්න ජනාධිපතිවරයා විසින් නියෝග කළ යුතුය.
ඔය විදිහටම පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට අඩු තරමින් දින කිහිපයක් බතික් ඇඳුමින් සැරසී පැමිණෙන්න යෝජනා කරන්න. පාසල් දරුවන්ට රජයේ සේවකයින්ට අඩු තරමින් සතියට දෙවරක් බතික් ඇඳුමින් සැරසී එන්න යෝජනා කරන්න.. ආකල්පමය වෙනසකට අපිත් ලෑස්ති වෙමු.. පුළුවන් තරම් දේශීය නිෂ්පාදන වලට යොමු වෙමු. පිටරටින් ආනයනය කරන කිරිපිටි, පළතුරු, ක්ෂණික කෑම වර්ග භාවිතයෙන් වැළකෙමු. අපිට පුළුවන් මේ පොඩි රට ගොඩනගන්න....
කොහොමටත් එයා රඟපාන්න හරි දක්ෂයි... පහුගිය කාලේ බෙර ගසමින් කොළඹ නැටුවනේ හරි ලස්සනට...?
බතික් ඇමැති බතික් නොවේවා..!!!
බතික් ඇඳුම් හරිම පහසු, ලස්සන දේවල්. මේ කර්මාන්තය දියුණු කළ හැකියි.
අපේ දේශපාලකයින්ට නම් ඇඳුම් නැතුවත් ආ හැකියි නේද?
එහෙනම් ජාතික ආණ්ඩුමත් විකෘති කළා. සිවුරටත් බතික් ඩිසයින් දාවි... අනේ මෙහෙමත් මැට්ටෝ....