(විනීතා එම් ගමගේ)
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ශාඛාවන් දුෂ්කර පළාත්වල ආරම්භ කිරීමට අවශ්‍ය වන ප්‍රතිත්තිමය කරුණු හා උපාය මාර්ගික කරුණු ඇතුළත් වාර්තාවක් ඉක්මණින් ලබාදෙන්නැයි නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම ආයතනයේ නිලධාරින්ට උපදෙස් දී ඇත.
එම ආයතනයට ඇති ඉල්ලුම වැඩි කරමින් රටේ දුෂ්කර පළාත්වලට එය ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම වාර්තාව ලබා ගන්නා බව ද ඇය පවසා ඇත.
අමාත්‍යවරිය මේ වාර්තාව ඉල්ලා ඇත්තේ පසුගියදා එම ආයතනයේ කළ නිරික්ෂණ චාරිකාවකින් පසුවය.
පාසල් අධ්‍යාපනයේ බැහැර වන නිපුණතාවක් නොමැතිව සමාජගත වන තරුණ පිරිස ආකර්ශනය කර ගත හැක්කේ මෙම ආයතනය වැනි ආයතනවලින් යැයි ද ලංකාදීපයට අදහස් දක්වමින් ඇය කියා සිටියාය.
කෙසේ වෙතත් රටේ විවිධ පළාත්වලට ගැලපෙන ආකාරයෙන් ප්‍රාදේශීය විෂමතාවයන් හඳුනාගනිමින් කටයුතු කළ යුතු ආකාරයත් ඇතැම් ප්‍රතිපත්තින් එයට ගැලපෙන ආකාරයෙන් සංශෝධනය කර ප්‍රායෝගිකව යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳවත් කඩිනම් වාර්තාවක් තමන් බලාපොරාත්තු වන බව ද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට එළියට ඇවිත් ඉන්න කට්ටියට අවශ්‍ය ප්‍රමාණයට රස්සා තියෙනවද?
ඒත් ජර්මනිය මේ ආණ්ඩුවට කියන්නේ... ‘‘ හෙරොයින් කාරයින්ගේ ආණ්ඩුව‘‘ කියලයි.
නෝනා, කාර්මික විද්‍යාල හෑම දිස්ත්‍රික්කයේම ඈති කරලා ඒකට සිසුන්ව බඳවාගෙන හොඳ දැනීමක් දෙන්න. හැම අමාත්‍යාංශයේම තියෙනවා අබලි වෙච්ච වාහන, මැෂීන්, යන්ත්‍රෝපකරණ... ඒවා සියල්ල මේ වගේ තැන්වල උගන්වන්න ගන්න. ජර්මන් ටෙක් එකයි ලංකාවටම තියෙන්නේ.. ඒකට ආධාර ලැබිලා ඕක පටන් ගත්තෙ ජර්මන් ආධාර ඇතුව... මේකෙ ඉගෙන ගත්ත අයගෙන් වැඩි දෙනෙක් දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ..
ඕවා නිකන් මේ ‘‘ රනිල් මහත්තයාගේ වොක්ස්වැගන්‘‘ කර්මාන්තය වගේ නේද?
කාර්මික දැනුම ගන්න තියන හොඳම තැන අන්තර්ජාලය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය චිත්‍රපට බලන්න අනිලිමිටඩ් දත්ත දෙනවා. ඒත් ඉගෙන ගන්න දේට අසාමාන්‍ය විදියට ගාස්තු කරනවා. මේ අසාධාරණයට විසඳුමක් දෙන්න.
රටපුරා කලා උපාධි ප්රදානය කරන විශ්ව විද්‍යාල ඇති කරන්නේ නැතිව, තාක්ෂණ විද්‍යා ආයතන බිහිකිරීම හොඳ දෙයක් යයි සිතමි. මෙවැනි ආයතන දුෂ්කර පළාත්වල ඇති කිරීමෙන් සිසුන්ට අධ්‍යයන කටයුතු සඳහා සැමවිටම කොළඹට පැමිණිය යුතු නැහැ. නමුත්, මේ ආයතනවලින් ඉගෙනුම ලබන අයට රැකියා අවස්ථා ඇති කිරීමට නම් පුද්ගලික අංශයේ හවුල්වීම අත්‍යාවශ්‍යයි.
කරනවා නම් ඉතාමත් හොඳ වැඩක්...
ඒවා ඇරඹුවාට පස්සේ අපිට ඒ ගැන කිව්වාම ඇති... අරඹන්නට කළින් කියන්න අවශ්‍යම නැහැ.
ඉතාමත්ම හොඳ සංකල්පයක්... ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ පාඨමාලාව හදාරපු කිසිවෙකුට වැරදිලා නැහැ. ලෝකයේ ඕනෑම රටකට සරිලන ප්‍රායෝගික පාඨමාලාවක් මේ ආයතනයෙන් ලබාදී තිබෙනවා. මේ ආයතනය ප්‍රාදේශීය මට්ටමෙන් රටපුරා විස්ථාරනය කිරීමට සැලසුම් කිරීම අප අගය කල යුතුයි. ලංකාවේ වැඩ බැරි ඉංජිනේරු උපාධි කාරයින්ව පිළිගත්තට, ලෝකය පිළිගන්නේ සැබෑම දක්ෂයින් ඒ නිසාම, ඔස්ට්‍රේලියාව වැනි රටවල් ලාංකික ජර්මන් කාර්මික ඩිප්ලෝමා ධාරීන්ට ඉහල වැටුපකට හොඳ රැකියා අවස්ථා ලබාදී තිබෙනවා.