
(අනීෂා මානගේ)
සමඟි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේදී අද (20) තියුණු ආයුධයකින් පහරදී ඇතැයි තංගල්ල පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.
සමඟි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ රන්න ප්‍රදේශයේ පදිංචි දර්ශන ප්‍රදීප් නම් තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත.
තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේදී අදාල අපේක්ෂකයාගේ ඥාතීයකුගේ මංගල සාදයකට සහභාගී වී සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
දේශපාලන කතාවක් දුරදිග යාමෙන් දෙපිරිසක් අතර ආරවුලක් හටගෙන ඇතැයිද ඉන් අනතුරුව 15 කගෙන් පමණ සමන්විත පිරිසක් අදාල මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට පහර දී ඇතැයි පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුද්ගලයා සුදු චරිතයක් නොවේ...