
(ටී.කේ.ජී.කපිල)
රුපියල් ලක්ෂ 22 ක් පමණ වටිනා ගංජා තොගයක් පාර්සල් 03 ක් ලෙස සකස් කර ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (20) අත්අඩංගුවට ගත්බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
බිස්කට් පැකැට්ටුවක සහ ජංගම දුරකථන හැඩයෙන් යුතු විශබීජ හරණ උපකරණ සේ පෙනෙන අයුරින් මෙම ගංජා තොගය කටුනායකට එවා තිබූ බව ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
පසුගිය සති කිහිපය තුළ රේගුව විසින් එකතු කළ බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ වනවිට මෙම ගුවන් පාර්සල් බාර ගැනීමට කිසිඳු පුද්ගලයෙකු කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත පැමිණ නොමැති බව සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් ආවේ නැත්තෙ ඔතැනත් කවුරු හරි සම්බන්ධ කෙනෙක් ඇති. වැඩේ ලීක් කියලා, පණිවිඩේ දෙන්න ඇති...