
(ජයන්ත සමරකෝන්)
රාජ්‍ය ආයතනවලට අයත් වෙළඳ නිෂ්පාදන ද්‍රව්‍ය එකම ස්ථානයකින් මිලදී ගැනීම සඳහා රජවාසල නමින් නවතම වෙළඳ සැල් ක්‍රමයක් රටපුරා ආරම්භ කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.
එහි ප්‍රථම අදියර යටතේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ රජවාසලක් ළඟදීම ආරම්භ කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සෑම රාජ්‍ය ආයතනයක් මගින් දැනට වෙන් වෙන්ව පවත්වාගෙන යන මෙම අලෙවිසැල් එකම වහලක් යටට ගෙනඒමෙන් පාරිභෝගික ජනතාවට පහසුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීමට මෙමගින් හැකිවන බවද අමාත්‍යවරයා කීය.
මෙම රජවාසල වෙළඳ සැල් ඉදිරියේදී රටපුරා ආරම්භ කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
(ඡායාරූප -ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සඳහා අතිඋතුම් රවී කරුණානායක ශ්‍රීමතාණන් සම්බන්ධ කරගන්නා ලෙස ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි...
මට පෙනෙන්නේ මේ ඔක්කොම හීනමාන කාරයෝ..." රජවාසලේ " තිබුනේ මොනවද...? රජා, රටේ ජනතාව පෙලා, බදු ලෙස ගත් ධන, ධාන්‍ය සහ වෙනත් රටවල් වලින් කොල්ලකාගත්ත වස්තුව.. රජාගේ පවුලේ සාමාජිකයින්ගේ වාසස්ථාන, භාණ්ඩාගාරය, රජාගේ අන්තපුරය....වැනි දේවල්. ඒවා සාමාන්‍ය මිනිසුන්ගේ ලෙයින්, දහදියෙන්, කඳුලෙන්, සුසුමෙන් නිර්මිත දේවල් බවවත් මේ මෝඩරැලට වැටහෙන්නේ නැතිද...? කොටින්ම කිව්වොත් "රජවාසලේ" තියෙන්නේ රජා මිනිස්සුන්ගෙන් කොල්ලකාගත් දේවල්... වෙන ගැලපෙන නමක් යෝජනා කරන්නවත් බයියෙක් නොවන සැබෑ මිනිසෙක් ඔතන හිටියේ නැතිද..?
අලුත් නම් ඕනෙ නෑ. මොලයක් තියෙනවා නම් කළයුතු වන්නේ සතොස අලෙවිසැල් විධිමත්ව විවිධාංගීකරණය කර නිසියාකාරව පවත්වාගෙන යාමයි. නම අලුත් වෙලා පරණ ආකල්ප එක්කම තවත් බංකොලොත් ආයතනයක් කියන්නෙ රටට බරක් විතරයි. හොඳම උදාහරණය විමල් වීරවංශ පටන් ගත්ත පෑලියගොඩ සී සිටි ව්‍යාපෘතිය. දැන් ඒක අතහැරලා එයා දේශීය කර්මාන්ත ගොඩනඟන්න පටන් අරන් කියනවා. පාඩුව ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් වලින්...
තවත් ගොඩනැගිලි වලට වියදම් කරන්නේ නැතිව දීපව්‍යාප්ත සතොස තුළින් ඒවා මිලදී ගැනීමට කටයුතු කරන්න. තාම ලංකාව ඇමෙරිකාව වගේ වුණේ නැහැ.
විශිෂ්ඨ අදහසක්. සාර්ථක වෙනවා නියතයි.
රජය සිල්ලර කඩ (සතොස) කිරීම ඵලකට ඇති වැඩක් නොවෙයි. නම කුමක් වුවත් ඔය කඩවල ප්‍රමිතිය ගැන ආයේ මෙතන අමුතුවෙන් ලිවිය යුතු නැහැනේ. රුපියලේ ලාභයට බඩු අරගෙන, අවසානයේ ඕවල පාඩුව ගෙවන්න වෙන්නෙත් මේ රටේ ජනතාවටම තමයි. එක අතකට, "රාජ සභාත්" ඩෝසර් වෙන යුගයක "රජ වාසල" සිල්ලර කඩයක් වීම අහන්නත් දෙයක්ද? මොනවා නැතත්, පාලකයින්ට "රාජ උෂ්ණේ" ගහයිද කියලයි මට තියන බය...?