
(හර්ෂණ තුෂාර සිල්වා)
ණය කාඩ්පත් (ක්‍රෙඩිට් කාඩ්පත්) සහ උකස් ණය සඳහා අය කරන පොලී අනුපාත අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19) රැස් වූ අතර එහි දී එම තීරණ ගෙන තිබේ.
ඒ අනුව ණය කාඩ්පත් සඳහා අය කරන උපරිම පොලී අනුපාතය සියයට සියයට 18ක් දක්වාත් උකස් පහසුකම් මත උපරිම පොලී අනුපාතිකය සියයට 10ක් දක්වාත් පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත උපරිම පොලී අනුපාතය සියයට 16 දක්වාත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ඊට අමරතව සාමාන්‍ය පොලී අනුපාතික මත දඩ පොලී අනුපාතිකය ප්‍රතිශතාංක 2.00කින් අඩු කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd