
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රාජගිරිය කලපළුවාව ප්‍රදේශයේදී හෙරොයින් අලෙවිය සඳහා යමින් සිටි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් දෙසියයකට ආසන්න ප්‍රමාණයක් සමඟ (20) අලුයම අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි (31) හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබූ රුපියල් 30,000 ක්ද පොලිස් බාරයට ගෙන තිබේ.
මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට බොරැල්ල නුගේගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවක හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
සැකකාරිය කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිල්රුක් මහතාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
(ඡායාරූප- බුද්ධික කුමාරසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd