
ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ ගණන මිලියන තුනකට ආසන්න වී තිබේ.
අවසන් පැය 24 ක කාලයේදී ඉන්දියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 68,898ක් හඳුනාගෙන ඇති අතර එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන මිලියන 3කට ආසන්න වී තිබේ.
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ මිලියන 2.9 ඉක්මවා ගොස් ඇත.
ගෙවුණු පැය 24 ක කාලයේදී ඉන්දියාවෙන් වයිරස ආසාදිත මරණ 983ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 54,849ක් දක්වා ඉහළ ගියේ ය. කොරෝනා වයිරසය හේතුවෙන් ආසියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ ඉන්දියාව වන අතර ලොව තෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.
තවමත් ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. බ්‍රසීලය එහි දෙවැනි තැන පසුවෙයි.
(රොයිටර්)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි දෙයියනේ...!!!
කොවිඩ් උවදුරට පෙර, ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණියේ ඉන්දියාවෙන්. මේ වසංගත නිසා තව බොහෝ කාලයකට මේ සංචාරකයින් ලංකාවට ගෙන්වා ගත නොහැක. චීනය මේ වසංගතය මුල් අවදියේ වසන් නොකළේ නම්, මෙහි ව්‍යාප්තිය බොහෝදුරට වළක්වා ගත හැකිව තිබුණා. අද මේ වසංගතය නිසා ලොව මුහුණපා ඇති තත්වයට චීනය කෙලින්ම වග කිව යුතුයි.