‘අවුරුදු 12 ට වැඩි දරුවන් මුඛ ආවරණ පැළඳිය යුතුයි‘ කොවිඩ්-19 වයිරස වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවුරුදු 12 සහ ඊට වැඩි දරුවන් ද මුඛ ආවරණ පැළඳිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කරයි. 23 August 2020
මුහුදේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙක් අතුරුදන් ගල්කිස්ස වෙරළ පාරේ මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (23) දිය වැලකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වී ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. 23 August 2020
කොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කිරීමට පියවර කොළඹ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. 23 August 2020
විදෙස්ගතව සිට පැමිණි 6 කට කොරෝනා මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 23 August 2020
උපාධිධාරීන්ට සැප්තැම්බර් දෙවැනිදා පත්වීම් උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 50,000 දෙනෙකුට පත්වීම් ලබා දීමට අදාළ පත්වීම් ලිපි දිස්ත්‍රික් 25 හි දිසාලේකම් කාර්යාල වෙත හෙට (24) යවනු ලබන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියයි. 23 August 2020
ඔස්ට්‍රේලියානු අගමැති ලංකාවේ විදිහට කෑම වේලක් උයයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ශ්‍රී ලාංකික ආහාර වේලක් පිසින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය සෙනසුරාදා රාත්රියේදී සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබිණි. 23 August 2020
මධූෂ්ගේ ගෝලයෙක් මත්කුඩු සමඟ අත්අඩංගුවට මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘පාදාගොඩ බුසියා‘ නමැත්තා රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා මත්කුඩු සමඟ අලුත්ගම පාදාගොඩ ප්‍රදේශයේදී අද (23) අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය. 23 August 2020
‘ ට්‍රම්ප් බොරුකාරයෙක්‘ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිපත්තියක් නොමැති කෲර’ සහ බොරුකාර’ පුද්ගලයකු යැයි ඔහුගේ සහෝදරිය වන මේරි ඈන් ට්‍රම්ප් බෑරි පවසා ඇත. 23 August 2020
‘‘දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙන්න රජය මැදිහත් වෙනවා‘‘ දහම් පාසල්වලට දරුවන් යොමු කරන්න පුළුවන් නම් දහම් පාසල් තුළින් ධර්මය ඉගැන්වීම පමණක් නොව විනය ගරුක සමාජයේ විනය ගරුක දරුවන් බිහි කිරීම කළ හැකියැයිද රජයක් ලෙස දහම් පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබා දීමේ ක්‍රියාවලියේදී අපි මැදිහත් වෙනවා යැයිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) වීරකැටිය කසාගල රජමහා විහාරායේදී පැවසීය. 23 August 2020
මොරටුවේ සම්බාහන මධ්‍යස්ථානයක් වටලා දෙදෙනකු අත්අඩංගුවට මොරටුව මොරටුවැල්ල ද මෙල් මාවතේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ,ඒකකය කියයි. 23 August 2020
ආනයනික අර්තාපල් බද්ද රුපියල් 5 කින් වැඩි කෙරේ ආනයනික අර්තාපල් සඳහා අයකෙරෙන රුපියල් 50 ක බද්ද රුපියල් 55 දක්වා රුපියල් පහකින් වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 23 August 2020
කහ ආනයන තහනම තවමත් කහ ආනයන තහනම ඉවත් කර නැතැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 23 August 2020
දේශපාලන දොරෙන් තානාපති කාර්යාලවලට ගිය අය ආපසු ගෙන්වයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ පනතේ විධිවිධානවලට පටහැනිව පසුගිය සමයේ විදේශ රටවල තානාපති කාර්යාලවල සේවය සඳහා කම්කරු සුභසාධන නිලධාරින් යවා ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 23 August 2020
ලක්ෂ 8 ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් කේරළ ගංජා සහ මාවා, විකීණිමේ යෙදුණු පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න වටිනා කේරළ ගංජා සහ මාවා සමඟ වැල්ලම්පිටිය බුත්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. 23 August 2020
ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායකවරු-සහකාර සංවිධායකවරු දෙදෙනෙක් පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායකවරු දෙදෙනෙක් හා සහකාර සංවිධායකවරු දෙදෙනෙක් පත්කරනු ලැබ සිටිති. 23 August 2020
රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ජර්මනියට විෂ ශරීරගත වීම නිසා දැඩි ලෙස රෝගාතුර වී සිටින රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මහතා හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙන යන ගුවන් යානයකින් ජර්මනියට රැගෙන ආවේය. 23 August 2020
අවුරුදු 100ක් පැරැණි බෝක්කුවක් කුරුවිටෙන් සොයාගනී කුරුවිට හිග්ගස්හේන දෙවිපහළ මාර්ගයේ වතුයායේ, ගොඩපරගහගොඩ ඇළ හරහා ඇති පාලමට පැතිබැම්මක් සකස් කිරීමේදී, මීට වසර 100කට පමණ පෙර මැටි වර්ගයක් පුළුස්සා සකසන ලද (‘ටෙරාකොටා’ ආකාරයේ) කඳක් සහිත බෝක්කුවක පයිප්ප කොටසක් මතුව ඇති බව වතුයාය වසමේ ග්‍රාම නිලධාරිනී චන්ද්‍රානි කුසුමලතා මහත්මිය පැවසුවාය. 23 August 2020
බාලවයස්කාර දැරියක් පැහැරගත් පුද්ගලයකු අත්අඩංගුවට වයස අවුරදු හතරයි මාස අටක බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන යමින් සිටි පුද්ගලයකු අද (23) අත් අඩංගුවට ගත් බව ඉඟිනියාගල පොලීසිය පවසයි. 23 August 2020
මන්දකට හසු වී මිය ගිය තවත් දිවියෙකුගේ සිරුරක් හමුවෙයි ගම්පොල, දොළුව, අඹගස්තැන්න ප්‍රදේශයේ වල්බිහි වූ ඉඩමක තිබියදී අද (23) මන්දකට හසුව මියගොස් සිටි දිවියෙකුගේ සිරුරක් සොයා ගත්බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි. 23 August 2020
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙදින වැඩමුළුවක් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරයන් සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත දන්වා තිබේ. 23 August 2020
සුවය ලැබූ තවත් 7ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින 7දෙනෙකු සුවය ලබා අද(23) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය උදෑසන 10.00ට වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරයි. 23 August 2020
පියාගේ වෙළෙඳසැල බින්ද පුතා-මිතුරා අත්අඩංගුවට නොච්චියාගම , කකුල්කටුවේ පිහිටි තම පියාගේ ව්‍යාපාරික ස්ථානය කඩා බිඳ දමා එහි තිබු රුපියල් නවලක්ෂ හාරදහස් එකසියයක් වටිනා මුදල් හා දේපොළ සොරා ගත්තේ යැයි කියන නාවික හමුදාවේ සේවය කරන ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුත්‍රයා හා පෞද්ගලික මුල්‍ය සමාගමක සේවය කරන ඔහුගේ මිතුරා මුදිතාගමදි අත් අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි. 23 August 2020
කොකාවිල් බහුසම්ප්‍රේෂණ කුලුන පිහිටි භූමියේ ආරක්ෂාව වැඩි කරයි කිලිනොච්චිය, කොකාවිල් බහුසම්ප්‍රේෂණ කුලුන පිහිටි භූමියේ ආරක්ෂාව වැඩි කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන ඇත. 23 August 2020
‘මිනිස් පරිභෝජනයට සුදුසු හාල් සතුන්ගේ බඩට හොර පාරෙන් යනවා’ මිනිස් පරිභෝජනයට ගන්නා සහල්, සත්ව ආහාර සඳහා හොර රහසේ යොදාගැනීමේ ජාවාරම හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් සැකසුම්කරුවන් සහ මෝල් හිමියන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි තිස්සමහාරාම සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. ගාමිණී මහතා පැවසීය. 23 August 2020
වව්නියාව කංචිකුලම්හි කැලෑවක මෝටාර් උණ්ඩ තොගයක් වව්නියාව කනගරායන්කුලම් කුංචිකුලම් ප්‍රදේශයේ කැලෑවක තිබූ මෝටාර් උණ්ඩ තොගයක් හමු වී පොලිස් විශේෂකාර්ය බලකාය විසින් නිස්ක්‍රීය කළ බවට කනගරායන්කුලම් පොලීසිය පවසයි. 23 August 2020
අවන්හලක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි අවන්හලක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් අද(23) අලුයම වටලා කාන්තාවන් 6දෙනෙකු සමඟ එම මධ්‍යස්ථානයේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 23 August 2020
ටික් ටොක්ලා ට්‍රම්ප්ට එරෙහිව උසාවි යන්න යයි චීන ආයතනයකට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම අමෙරිකාවේ තහනම් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගත් විධායක තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනය පියවර ගෙන ඇත. 23 August 2020
ගෝලීය කොරෝනා මරණ ගණන ලක්ෂ 8 පනී ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව නන්දෙසින් වාර්තා වන මරණ ගණන 800,000 ඉක්මවා ගියේය. 23 August 2020
වෙනිවැල්ගැට තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට කලවාන වැද්දගල ප්‍රදේශයේ රක්ෂිතයකින් කපා බලපත්‍ර නොමැතිව ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ වෙනිවැල්ගැට තොගයක් සමග සැකකරුවකු අද (23) උදෑසන කාලයේදී අත්අඩංගුවට ගත් බව කලවාන පොලීසිය පැවසීය . 23 August 2020
අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් යැවූ චීන ජාතිකයෙක් අත්අඩංගුවට ඩ්‍රෝන කැමරාවක් යොදා ගෙන අධි ආරක්ෂිත කලාපය වීඩියෝ කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 23 August 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026