
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ශ්‍රී ලාංකික ආහාර වේලක් පිසින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය සෙනසුරාදා රාත්‍රියේදී සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
සිය දියණියන් දෙදෙනා සහ බිරිඳ එම ආහාර වේලට ඉතා කැමැති බවත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි.
ආහාර පිසින අයුරුත් රම්පේ, කරපිංචා ආදිය දැක්වෙන ඡායාරූපත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
‘‘සෙනසුරාදා රෑ කියන්නේ මාළු පිනි හදන දවස. ඔක්කොම ශ්‍රී ලංකාවේ කෑම. දියණියන් දෙදෙනාත්, බිරිඳ ජෙනුත් ඊට කැමැතියි. තාමත් මෙල්බර්න් නුවර ඉන්න හැමෝම ගැන හිතනවා. ලොක්ඩවුන් මධ්‍යයේ වුණත් හැමෝම තම තමන්ට පුළුවන් විදියට කෑම වේලාවක් හදාගෙන ඇති කියලා හිතනවා’’ යැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ෆේස්බුක් හි දැමූ සටහනේ දැක්විණි.
නව කොරෝනා වයිරසය නැවත වරක් වේගයෙන් පැතිර යෑම හේතුවෙන් මෙල්බර්න් නුවරට අගුළු දමා ඇත.
මේ අතර ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික රැඳවුම් භාරයේ පසුවන ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුලක් සිහිපත් කරමින් සහ අග්‍රාමාත්‍යවරයාගේ ෆේස්බුක් සටහන මුල් කරගනිමින්, අගමැති මොරිසන්ට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් ද එල්ල වී තිබිණි.
ඩේලිමේල් ඇසුරින්
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන සංක්‍රමණික පවුල එයාල හිටපු පලාතෙ ඉන්න මිනිස්සු ලස්සනට අන්දවලා. ඕක පිටිපස්සෙ ඉන්න ඩයස්පෝරාව හදන්නෙ මේ කේස් එක පිටිපස්සෙ දාල තව ඒ හා සමාන විශාල ප්‍රමානයක් රෙෆියුජි කේස් ගොඩ දාන්න. ඕස්ට්‍රේලියාවේ ආන්ඩුව මේක හොදට දන්න නිසා බුරුලක් පෙන්වන්නෙ නෑ.
අපගේ කෑම වේලට ගරු කිරීම ගැන හා එය භාවිතා කරන බව ප්‍රසිද්ධියේ පැවසීම ගැන ඕස්ට්‍රේලියානු අගමැති තුමා වෙත අපගේ ස්තුතිය පිරිනමමු. අපේ කෑම ගැන තැකීමක් නොකොට චීන කෑම ඔස්සේ හඹායන ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට මෙම අගමැති තුමා හොඳ ආදර්ශයක් ලබා දී ඇත.
අයියෝ වැඩක් නෑනේ අගමැති වෙලත් කොත්තුවක් හදාගන්න කවුරුත් නැතිනම්.
අපේ කෑමවලට කැමති වුනාට අපි එනවට කැමති නැනේ ඉතින්.
ලංකාව වගේ දුප්පත් දිළිඳු රටක ආහාර වේලක් පෙන්නලා මේ දුෂ්කර අවස්ථාවේ තම රටවැසියන්ට දෙන පණිවිඩය තමයි අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න කියන සංකල්පය කියලා තේරෙන්නේ අසරණ මට විතරද විවාදෙට විවෘතයි
මොන බොරුවක්ද මේ? මේවා හොඳයි ලංකාවේ මිනිස්සුන්ව අන්දන්න. සිංහල කෑම කෙසේ වෙතත්, අගමැතිතුමාගේ කුස්සිය නම් ලංකාවේ කෙනෙකුගේ කියලා පේනවා හොඳට. මොනවා වුණත් ලංකාවේ රෙස්ටුරන්ට් වලට වැඩි ඉල්ලුමක් ඇතිවෙන්න පුළුවන් මේ වැඩෙන්...
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. ඩයස්පෝරාවේ ඉන්න "සටකපට හිවල් නරින්" බොරුවෙන් අනුකම්පාව ලබාගැනීම පිළිබඳව පශ්චාත් උපාධිය ඉහලින්ම සමත් කාලකන්නි රෑනකි.. ඔබ සඳහන් කළපරිදි එම පවුල පිටුපසින් ඇඬූ කඳුලින් සිටින්නේ ඩයස්පෝරාවේ පාදඩයන් බව ප්‍රසිද්ධ රහසකි..
කෑම කාලා ඉවරවුණාට පස්සේ ලංකාව වගේ දුප්පත් රටවලට ඇති දැඩි වීසා නීති ලිහිල් කිරීමට සිත් පහළ වේවා කියා ප්‍රාර්ථනා කරමි.
අපි අකමැති, වෙන අය කැමති, අපේ කෑම...
අපේ දේශපාලන නායකයින්ට ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් සරලව ජීවත් වන හැටි ඉගෙන ගන්න හොඳ ආදර්ශයක්....