
(විනීතා එම් ගමගේ)
ආනයනික අර්තාපල් සඳහා අයකෙරෙන රුපියල් 50 ක බද්ද රුපියල් 55 දක්වා රුපියල් පහකින් වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
දේශිය අර්තාපල් ගොවීන් රැකගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇතැයි මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඊට අදාල මිල නැංවීමේ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
විශේෂ වෙළඳ භාණ්ඩ යටතේ සිදුකර ඇති මෙම බදු ඉහළ දැමීම මාස හතරක කාලයක් සඳහා වලංගු වන්නේ යැයි ද ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 50ක බද්ද හොඳටම ඇති මේ වෙලාවේ රුපියල් පහත් ලොකු ගානක්.
අල ගොයියන් රැකගැනීමේ සටනට සහය දෙමු.