
(ජනාධිපති ට්‍රම්ප් සහෝදරිය සමඟ 2008 වසරේදී / ද ගාඩියන් )
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිපත්තියක් නොමැති කෲර’ සහ බොරුකාර’ පුද්ගලයකු යැයි ඔහුගේ සහෝදරිය වන මේරි ඈන් ට්‍රම්ප් බෑරි පවසා ඇත.
රහසිගතව පටිගත කළ සංවාද කිහිපයක් ඊයේ (22) ප්‍රසිද්ධියට පත් වූ අතර එම හඬ පටවලින් ඒ බව අනාවරණය වී තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ අයුරින් කරුණු අනාවරණය වූ අතර එසේ තොරතුරු අනාවරණය කළ බොහෝ දෙනා ඇතැම් විටක ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායකු හෝ එසේත් නැතිනම් ව්‍යාපාරික සගයකු විය. ඇතැම් විටෙක සමීප ඥාතීන්ගෙන් ද ට්‍රම්ප්ට චෝදනා එල්ල විය.
මේරි ඈන් ට්‍රම්ප් බෑරි වන ජනාධිපති ට්‍රම්ප්ගේ සොහොයුරිය හිටපු ෆෙඩරල් විනිසුරුවරියකි.
ජනාධිපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මේරි ඈන් ට්‍රම්ප් ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කළාය.
ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය හේතුවෙන් දේශසීමාවලදී දරුවන් මවුපියන්ගෙන් වෙන් කෙරුණු අතර දරැවන් රුඳවුම් මධ්‍යස්ථානවලට යැවිණි.
‘‘ඔහුට ඕනේ හැමතිස්සෙම ඔහුගේ කණ්ඩායම පිනවන්න’’ යැයි ට්‍රම්ප්ගේ සොහොයුරිය එක් අවස්ථාවකදී කියයි.
එම හඬපට මුලින්ම අනාවරණය කරගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේදී වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතය .
‘‘ඔහුට කිසිම ප්‍රතිපත්තියක් නැහැ. එකක්වත් නැහැ’’ එක් තැනකදී ට්‍රම්ප්ගේ සහෝදරිය කියයි.
‘‘ඔහුගේ කෙහෙල්මල් ට්ව්ට් බොරු අනේ දෙවියනේ’’ තවත් තැනකදී ඇය පවසයි.
මෙම සංවාද රහසිගතව පටිගත කර ඇත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ඥාති දියණියක වන වන මේරි ට්‍රම්ප් ය. ඇය පසුගිය මාසයේදී මතභේදාත්මත කෘතියක් ද එළිදැක්වූවාය.
ජනාධිපති ට්‍රම්ප් සහ ට්‍රම්ප් පවුල සම්බන්ධයෙන් මතභේදාත්මක කරුණු රුසක් එහි ඇතුළත් ව තිබෙන අතර කෘතිය එළිදැක්වූ දිනයේදීම එහි පිටපත් මිලියනයක් අලෙවි වී ඇත. මේරි ට්‍රම්ප් යනු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් සොහොයුරාගේ දියණියයි.
මේරි ට්‍රම්ප්ගේ කෘතිය එළිදැක්වීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයාගේ බාල සොහොයුරු වන රොබට් ට්‍රම්ප් අධිකරණයට ද ගියේය.
අසනීප තත්ත්වයෙන් පසු වූ රොබට් ට්‍රම්ප් පසුගිය සතියේදී අභාවප්‍රාප්ත විය.
ඒ.එෆ්.පී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත වෙන්නැති, නමුත් ලංකාවෙ වගේ ඥාති සංග්‍රහය නැතිබවත්, ඔහුගේ විවිරුද්ධවාදීන් ඔහු වඩා යහතින් සිටිමින් ඔහුව විවේචනය කරන බවත්, ඔවුන් අස්ථානගත නොවන බවත් යන යහපත් දේවලුත් මට තේරෙනවා.
අම්මපා??? හරි පුදුමයි.
අපේ රටේ පවුල් සමාගම් නම් ඔහොම විරසක වෙන්නේ නැහැ.. රට වෙනුවෙන්... අපේ අය තවත් හොඳට එකතුවෙලා රට කනවා වගේ කරගෙන යනවා.
මෙයාලා දැනගෙන තියෙන දේ... එදා අපි දැනගෙන ගොඩක් කල්...
ඇමෙරිකන් කාරයින්ට ඕක තේරුම් ගන්න ඔච්චර කල් ගියාද?