( ෂේන් සෙනෙවිරත්න)

යකඩ කපන ග්‍රයින්ඩරයකට බෙල්ල තුවාල වී සිදු වූ අනතුරකින්  කටුගස්තොට , මාවිල්මඩට ප්‍රදේශයේ 66 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය කියයි.

එසේ මිය ගොස් ඇත්තේ දාමර ගෙදර පියසිරි නැමැති 66 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය කියයි.

ඔහු තම නිවස ඉදිරිපිට වැටක් ඉදිකරමින් ඒ සඳහා අවශ්‍ය යකඩ විදුලි ග්‍රයින්ඩරයක් මගින් කපමින් සිටියදී  එය එක්වරම ඔහුගේ බෙල්ලේ වැදීමෙන්  බරපතල තුවාල සහිතව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.