
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘පාදාගොඩ බුසියා‘ නමැත්තා රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා මත්කුඩු සමඟ අලුත්ගම පාදාගොඩ ප්‍රදේශයේදී අද (23) අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 20 ක් හා ජංගම දුරකථන හතරක් පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර දින 90 කාලයක් රඳවා ගැනීමේ නියෝග ලබාගෙන ප්‍රශ්න කරන බව කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව ගෙඩි.. ඊටපසු මල්, පොහොට්ටු, දලු කොළ, අතුකිනිති, කුඩා අතු, අතු ,කඳ කපනකොට මුදුන් මුල නිකන්ම කුණුවෙනවා මහා ගසක් වගේ වැඩුණු ජාලය විනාශ කරන්න සුදුසුම ක්‍රමය දැනටත් ලොකුව පිපෙන්න තිබ්බමල් පරවෙලා වැටෙන්න පටන් අරගෙන... ඔහොම යන්... ඔහොම යන් වෙනස ක්‍රමානුකූලව සිදුවෙමින් පවතී...