
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස වෙරළ පාරේ මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (23) දිය වැලකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වී ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ නුවරඑළිය කුඩලිඔය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.
තරුණයන් හත් දෙනෙකුගෙන් යුත් පිරිසක් දිය නාමින් සිටිය දී හත්දෙනාම දිය වැලකට හසුවී ගසාගෙන යාමේදී අවට සිටි පිරිස් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් එයින් පස් දෙනෙකු බේරාගෙන ගොඩට ගෙනැවිත් ඇතැයි පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ තරුණ ජීවිත.. දෙමව්පියන් දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි.