
(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ පනතේ විධිවිධානවලට පටහැනිව පසුගිය සමයේ විදේශ රටවල තානාපති කාර්යාලවල සේවය සඳහා කම්කරු සුභසාධන නිලධාරින් යවා ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසීය. එසේ දේශපාලන පත්වීම් ලබා තානාපති කාර්යාලවල සේවය සඳහා ගොස් ඇති සියලු දෙනා ආපසු ගෙන්වන බවත්, සුදුසුකම් ලබා මේ වනවිට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොරොත්තු ලේඛනයේ සිටින නිලධාරින් එම පත්වීම් සඳහා යැවීමට කටයුතු කරන බව ද ජයරත්න මහතා කීය.
මේ වනවිට පොරොත්තු ලේඛනයේ සිටින්නේ තානාපති කාර්යාලවල සේවය සඳහා පුහුණු කළ නිලධාරින් බවත් ඔවුන්ගේ නාමලේඛනය මේ වනවිට ජනාධිපතිවරයාගේ නිර්දේශ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
දැනටමත් තානාපති කාර්යාලවල සේවය කරන කම්කරු සුභ සාධක නිලධාරින් අතර අතිරික්ත නිලධාරින් සිටින බව කී ඔහු සමහර කාර්යාලවල අවශ්‍යතාවය එක් අයෙක් වුවද දෙතුන් දෙනා සිටින බව ද එවැනි අතිරික්ත නිලධාරින් ගෙන්වීම ඉක්මණින්ම කිරීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
මෙසේ අනවශ්‍ය පරිදි නිලධාරින් විදේශ සේවයට යැවීමෙන් කාර්යංශයේ මුදල් නාස්ති වන්නේ යැයි කී ජයරත්න මහතා ජනතා මුදල්වලින්, විශේෂයෙන් විදේශ ගත ශ්‍රමිකයන්ගේ මුදලින් නඩත්තු වන ආයතනයක එසේ මුදල් නාස්ති කිරීම අපරාධයක් වන්නේ යැයි ද කීය.
මේ වනවිට කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව, මාලදිවයින හා මැදපෙරදිග ඇතුළු රටවල් 16 ක ස්ථාන 17 ක කාර්යංශයේ නිලධාරීහු 120 කට ආසන්න පිරිසක් විදේශ සේවයේ යෙදෙමින් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපතිවරු පත් කිරීමේදී නිසි සුදුසුකම් බලන්න.
ඒ මිනිස්සු ගියාම විතරයි වැරදි. ඔක්කෝම සෙට් වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රී ළමයි ටිකක් විදේශ සේවා රැකියා ස්ථිර සේවයට විභාග නැතිව පත්කළාම හරි. මතක නැත්නම් කට්ටිය කවුද කියලා එකින් එකට කියන්න පුළුවන්. පාර්ලිමේන්තුවෙදි ඕක කවුරු හරි ඇහුවාම උත්තර වුනේ දෙපැත්තේම කට්ටිය අරන් ඉතින් කරන්න දෙයක් නෑ කියලා.
එයාලා ගෙන්නලා මෙයාලගේ කට්ටිය යවයි.
බොහොම හොඳයි. ආපහු යන අය දේශපාලන හොරෙන්ද යන්නේ කියලා ජනතාව බලාගෙන ඉන්නේ.
යහපාලන රජයත් බලයට ඇවිත් ඔයටිකම තමා කිව්වේ.
ඉතාමත්ම අගනා කාලෝචිත පියවරක්. සත්‍ය වශයෙන්ම මේ තානාපති නිලධාරීන් බඳවා ගැනීමේදී බොහෝවිට ඔවුන්ගේ සුදුසුකම් වලට වඩා බැලූවේ දේශපාලන සුදුසුකම් ය. මේ නිසා තානාපති අංශ වලින් ඉටුවිය යුතු නිසි සේවය හරියාකාරව ලැබුනේ නැහැ. ඒ නිසාම පිටරටවල් වල අපගේ තානාපති සේවය පිරිහුණා. සුදුසුකම් හා නිසි පුහුණුව ලත් නිලධාරීන් යවා, සුදුසුකම් හා පුහුණුව හරිහැටි නොමැති අය ගෙන්වාගෙන රටේ මුදල් ඉතිරි කර ගැනීමත්, යහපත් තානාපති සේවයක් ලබාදීමට කටයුතු කිරීමත්, කලයුතු දෙයක්. මේ ගැන අපද මීට පෙර මෙම තීරයෙන් ම කරුණු ඉදිරිපත්කොට ඇත්තෙමු. ප්‍රමාද වී හෝ නිසි ක්‍රියා මාර්ගයක් ගැනීම ගැන ජනපති තුමා ඇතුළු වගකිවයුතු අංශ වෙත අපගේ ස්තුතිය පුද කරමු.
ශ්‍රී ලංකා තානාපති කාර්යාල ( මැද පෙරදිග) ඩිප්ලෝම මට්ටමේ නිලධාරීන් 2 හෝ වැඩිපුර ඇත. මොවුන් සියල්ල විදේශසේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ය. මොවුන්ට අමතරව සහයට ලිපිකරුවන් කාර්යාංශ පිටින් සෑම රජයක් විසින් 2-4 පත්කරයි. මොවින්ගේ එකම දීමනාව $500-600 පමනි. නිවස ඇර වෙනත් පහසුක් නැත. පවුල්රැගෙන යාමට හැකියාවක් නැත. ගෘහ සේවකාවන් ගේ ද වැටුප $325 පමණ වෙ. මගේ සංචාර වල මොවින් හමුවී ඇත. විශේෂ හැකියාවක් ද නැත.
මේ වගේ සුරංගනා කතා වලට තවමත් රැවටෙන මිනිස්සු ලංකාවේ සිටීම කණගාටුවට කරුණක්.
ඒ ආණ්ඩුවේ ගොට්ටන්ව එලියට දාලා, මේ ආණ්ඩුවේ ගොට්ටන්ව මේ තනතුරු බාරදීලා ඕකට තමයි ශ්‍රී ලංකා තානාපති කියන්නේ.
කොච්චර හිටියත් මෙලෝදෙයක් කරන්නේ නැති එක තමයි කියන්න තියෙන්නේ.. මැදපෙරදිග නම් ඉන්නේ බූරුවන් රැළක්...
එතකොට අර යසාර කියලා කෙනෙක් කොහොමද තානාපති සේවයට ගියේ?
අලුත් කොස්සක් මුලදී කොහොමත් හොඳට අතුගෑවෙනවා.
ගොඩක් එම්බසිවල ඉන්න අය යන්නේ වැඩක් කරන්න නෙවෙයි.