IMG-LOGO

ගෝලීය කොරෝනා මරණ ගණන ලක්ෂ 8 පනී

 ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව නන්දෙසින් වාර්තා වන මරණ ගණන 800,000 ඉක්මවා ගියේය.
 
ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව යන රටවලින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන වේගයෙන් වැඩි වෙමින් තිබේ.
 
රොයිටර්  පුවත් සේවයේ ගණනය කිරීම්වලට අනුව සාමාන්‍යයක් ලෙස ගත්විට සෑම පැය 24කදීම ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයෙන් 5,900ක් මරණයට පත් වේ. සිකුරාදා දිනයෙන් අවසන් වූ පසුගිය සති දෙකක කාලයේ දත්ත සැලකිල්ලට ගනිමින් රොයිටර් පුවත් සේවය එම ගණනය කිරීම් කර ඇත.
 
ඒ අනුව නව කොරෝනා වයිරසය හේතුවෙන් සෑම පැයකදීම පුද්ගලයන් 246 දෙනකු මරණයට පත්වන අතර සෑම තත්ත්පර 15කදීම එක් පුද්ගලයකු මරණයට පත්වේ .
 
නව කොරෝනා වයිරසය හේතුවෙන් මරණ වාර්තා වන වේගය මේ වනවිට ස්ථාවර මට්ටමකට පැමිණ ඇත. නව කොරෝනා වයිරස මරණ 700,000 සිට 800,000 දක්වා වැඩිවීමටත් මරණ 600,000 සිට 700,000 දක්වා වැඩිවීමටත් ගත වී ඇත්තේ දින 17ක් පමණි.
 
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන මේ වනවිට 170,000 ඉක්මවා ගොස් ඇත. ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
 
ඇමෙරිකාවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ඉකුත් ජූලි මාසයේදී උච්ඡතම අවස්ථාවට පැමිණි අතර මේ වනවිට එහි යම්කිසි අඩුවක් දක්නට ලැබේ. කෙසේ නමුත් තවමත් ඇමෙරිකාවෙන් සතියකට වයිරස ආසාදිතයන් 360,000ක් පමණ වාර්තා වේ.  
 
රටේ ඇතැම් ප්‍රදේශවලින් වයිරස ආසාදිතයන් හඳුනාගැනීමේ අනුපාතය සියයට 20ක අගයක පවතී. එසේ තිබියදී වුවද ගත වූ සතියේදී රටේ පාසල් සහ විශ්ව විද්‍යාල රැසක් සිසුන් සඳහා විවෘත කෙරුණි. දරුවන් රැසකට වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනීමත් සමඟ, සිසුන් සඳහා පාසල් විවෘත කර සතියක් යෑමට මත්තෙන් නැවත වරක් අධ්‍යාපන අන්තර්ජාලය ඔස්සේ කිරීමට බලධාරීහු පියවර ගත්හ.
ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන ඉන්දියාවෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ මරණ ගණන ඉකුත් සඳුදා 50,000 ඉක්මවා ගියේය . ඒ ඉන්දියාවෙන් වයිරස ආසාදිත පළමු මරණය වාර්තා වී මාස පහකට පසුවය.

තවමත් ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර බ්‍රසීලය එහි දෙවැනි තැනද ඉන්දියාව තෙවැනි තැන ද පසුවෙයි. එමෙන්ම එම රටවල් තුනෙන්ම වයිරස ආසාදිතයන් මිලියන දෙක ඉක්මවා වාර්තා වේ. 

කෙසේ නමුත්, ඉන්දියාවේ වයිරස ආසාදිත මරණ අනුපාතය 1.9 % ක් තරම් අඩු අගයක පවතී. නව කොරෝනා වයිරස ආසාදිත මරණවල ලෝක සාමාන්‍ය ද සියයට 3.5ක් වේ. ඉන්දියාවේ වයිරස ආසාදිත මරණ අනුපාතය අඩු අගයක පවතින්නේ, වයිරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ නිසි පරිදි වාර්තා නොවීම නිසා යැයි විශේෂඥයෝ මත පළ කරති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ බ්‍රසීලයේ වයිරස ආසාදිත මරණ අනුපාතය  3 % ඉක්මවයි.

 ඇමෙරිකා එක්සත් ජනපදයට සහ බ්‍රසීලයට තවමත් ‘කොවිඩ්-19’ වයිරස වසංගතය පාලනය කිරීම සඳහා නිසි සැලැස්මක් නැතැයි සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති. එම රටවල් බලධාරීන් සෑම විටම අවධානය යොමු කරන්නේ පාසල් සහ ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් බවත් එමඟින් වයිරස ව්‍යාප්තිය තවදුරටත් වැඩි විය හැකි බවත් ඔවුහු පෙන්වාදෙති.

 බ්‍රසීලයෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ මරණ ගණන ඉකුත් දා (8) 100,000 ඉක්මවා ගියේය . බ්‍රසීලයේ නගර රැසක කඩසාප්පු විවෘත කර තිබෙන ව්‍යාපාරික කටයුතු රැසක් ආරම්භ කර තිබේ. ඇතැම් අවන්හල්වල නැවතී ආහාර ගැනීමට ද ඉඩ සලසා ඇත. කෙසේ නමුත් එම නගරවල වසංගතය ව්‍යාප්ත වීම උච්ඡතම ස්ථානයට පැමිණ නැතැයි සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
 

රොයිටර් 

055



අදහස් (0)

ගෝලීය කොරෝනා මරණ ගණන ලක්ෂ 8 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site