
(විනීතා එම් ගමගේ)
උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 50,000 දෙනෙකුට පත්වීම් ලබා දීමට අදාළ පත්වීම් ලිපි දිස්ත්‍රික් 25 හි දිසාලේකම් කාර්යාල වෙත හෙට (24) යවනු ලබන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියයි.
එම ලිපි දිසා ලේකම්වරුන් විසින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවනු ඇති බවත් ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ඒ ඒ කොට්ඨාසවල උපාධිධාරීන් වෙත සැප්තැම්බර් දෙවැනිදා ඒවා භාරදෙනු ලබන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවැසීය.
එම පත්වීම් ලබා දීමෙන් පසු තවත් 10,000 කට පත්වීම් ලබා දීමට නියමිත බවත් ඒ පළමු අවස්ථාවේ විවිධ හේතුන් නිසා ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන් අතරින් සුදුසුකම් ඇති පිරිස් බවත් එම නිලධාරියා කීය.
මෙම පත්වීම් ලබා දීම සඳහා උත්සව නොපැවැත්වීමට අමාත්‍යංශය තීරණය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය ආයතනයන් හි පුරප්පාඩු සඳහා මෙම පිරිස් යොදවනු ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ තියෙන පුරප්පාඩුද? විගණකාධිපතිත් කියනවා මේ උපාධිධාරී පත්වීම් දීම කිසිම පලකට නැති වැඩක් කියලා. රාජ්‍ය අංශයේ කිසිම අවශ්‍යතාවයක් හෝ පුරප්පාඩුවක් නැතුව මේ ගන්න පිරිසටත් පිං පඩි ගෙවන්න වෙන්නේ මහජනතාවටම තමයි.