
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව මොරටුවැල්ල ද මෙල් මාවතේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ,ඒකකය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමඟ නමක් සඳහන් නොවන ආලේපන වර්ග විශාල ප්‍රමාණයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බව වැටලීම සිදු කළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියක් ලබා තිබූ මෙම මධ්‍යස්ථානයට ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු උපාය දූතයකු ලෙස යොදවා ඒ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිල් ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළ බව පොලිසිය කියයි .
මොරටුව ද මෙල් මාවතේ තෙමහල් ගොඩනැඟිල්ලක ,ඉහළ මාලයේ පවත්වාගෙන ගොස් ඇති මෙම සම්බාහන මධ්‍යස්ථානය සඳහා මොරටුව නගර සභාවෙන් වෙළඳ බලපත්‍රයක් පවා නිකුත් කර තිබූ බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට යන අයට යන්ඩ ඇරලා ඔය ව්‍යාපාර නීතිගත කලානම් මොකද වෙන්නේ.?