
(රෝහණ සමරවීර)
‘අපේ ජනබල පක්‍ෂය’ට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද(21)ඇඹිලිපිටියේදී පැවැසූහ.
“අපේ ජනබල පක්‍ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරට කවුරු එනවද කියලා තවම නිශ්චිත කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ඒ තත්ත්වය යටතේ සිවුරු පොරවාගත් පාතාල නායකයින්, කණ්ඩායම්, වංචනිකයන්, ආත්මාර්ථකාමීන්, අවස්ථාවාදීන් අපේ ජනබල පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ හැකියාවක් තිබෙනවා. මෙම ගැටලුව බෞද්ධ ජනතාවගේ මෙන්ම මහා සංඝ රත්නයටත් අවමානයක්, අපහාසයක්, උපහාසයක්. එම නිසා එම තනතුර අවලංගු කරන්නැයි ඉල්ලා සිටිනවා” යැයිද සෝභිත හිමියෝ සඳහන් කළහ.
උන්වහන්සේ එසේ පැවැසුවේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජාරම විහාරස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ එහිදී මෙසේද පැවැසූහ.
“මම මෙම විශේෂ ප්‍රකාශය කරන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක මහා සංඝ සභාවේ නියමය අනුවයි. අපේ ජනබල පක්‍ෂයේ දේශපාලන ව්‍යාපාරය අනුව මේ වනවිට ඇතිවෙලා තිබෙන මෙම ගැටලුව ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවගේ පමණක් නොවෙයි, සදාචාර සමාජයේ මහත් කම්පනයට පත්වෙලා තිබෙනවා.
මෙම පක්‍ෂයේ උදවිය රටට ප්‍රකාශ කළ දේ ඉටු නොවන තත්ත්වයක් වර්තමානයේ උදාවෙලා. 67,000 ක ජන්ද දායකයින් පිරිසක් ඡන්දය පාවිච්චි කළේ එක්තරා චරිත කිහිපයක් මුල්කරගෙන. නමුත් එයින් ලැබුණු එකම මන්ත්‍රී ධූරය බෙදා ගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටලු පැන නැගිලා තිබෙනවා.
මෙම ඉල්ලීම නීත්‍යානුකූල නොවන බව ඇත්ත. නමුත් අවශ්‍යතාවය ඇති තැන නීතිය වුණත් සකස් කරන්න හැකියාව තිබෙනවා. මොකද නීතිය පවතින්නේ ජනතාව සදහායි. ජනතාව නීතිය සදහා නොවේය කියන සංකල්පය යටතේ අවශ්‍යතාවයක් පැන නැගුනාම ඒ අනුව නීතිය සක්ස්කර ගන්න බැරි කමක් නැහැ. එවැනි ආදර්ශ අපි අනන්ත දැකලා තිබෙනවා.
නමුත් නීතිය ඉක්මවලා ගිය සාධාරණත්වය, ධාර්මිකත්වය. ශාසන ගෞරවය සලකා බලනවා නම් අපේ ඉල්ලීම සාධාරණයි. මහා සංඝයා වහන්සේලාගේ ගෞරවයත්, ශාසනයේ ගෞරවයත්, සාමාන්‍ය සදාචාරයත් ගැන සිතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මෙම ඉල්ලීම ඉටුකිරීමේ හැකියාව ඇති කියලා අපි විශ්වාස කරනවා” යැයිද සෝභිත හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් භික්ෂුවකට වැදගත් වෙන්නේ මස්, මාංශ ගැනීම සහ දුරාචාරවලින් තොර බෞද්ධ ජීවිතයක් නේද?
පිස්සුද හලෝ...?
ඒ කොහොමද හාමුදුරුවනේ එහෙම අපේ ජනබල පක්ෂයට හිමි මන්ත්‍රී ධුරය මැකෝ අහෝසි කරන්නේ? ඒක තනිකරම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වැඩක්නේ. අනික මැකෝ මීට කලින් කියලා තියෙනවා පක්ෂවල අභ්‍යන්තර ප්‍රශ්න එයාට වැඩක් නැහැ කියලා. පක්ෂයේ ලේකම් හාමුදුරුවෝ වංක හිතින් තමන්ගේ නම මන්ත්‍රී ධුරයට නම්කරලා යවපු එකට දැන් පක්ෂය විරෝධය පලකරලා තියෙන හින්දා මැකෝට කරන්න තියෙන්නේ ඒ නම අහෝසි කරලා ඒ වෙනුවට විකල්ප නමක් යෝජනා කරන්න කියලා පක්ෂයට දැනුම් දෙන එක... එතකොට රතන හාමුදුරුවෝ ඇතුළු ජනබල පක්ෂයට තියෙන්නේ ඥානසාර හාමුදුරුවන්ව මන්ත්‍රී ධුරයට නම් කරලා යවන එක. මේ ප්‍රශ්නේ ඇති කලේ ඥාණසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු යන එක නවත්තන්න මිසක් වෙන දෙයකට නෙමෙයි. අලි සබ්‍රි, සිරිසේන පාර්ලිමේන්තු එනකොට කවුරුවත් විරුද්ධ වුනේ නැහැ. මන්ත්‍රී තනතුරු දෙන්න එපා කිව්වෙත් නැහැ...
ඒකට දැන් කරන්න දෙයක් නැහැ. ඡන්දෙ දීපු මිනිස්සු මොලේ කල්පනා කළා නම් හරි. මේ පක්ෂයට ඡන්දය දීපු අය සංඝභේදයට උදව් කරලා ආනන්තරීය පාපකර්මයක් කරගත්තා.. ව්‍යවස්ථාවෙන්ම කිසිඳු පූජ්‍ය පක්ෂයකට ඡන්දෙ ඉල්ලීම තහනම් කරන්න ඕනේ.. එය රටේ ජනතාවත් වගබලාගන්න ඕනේ...
මේ සෝභිත හාමුදුරුවෝ දැන් බණ කියනවා. මුන්නාන්සේටත් නීතියක් නැහැනේ. ඇඹිලිපිටිය අහිංසකයෙකුගේ ඝාතනයකදී පොලිසිය බේරගන්න කතාකළ හැටි රටටම මතකයි. ඔක්කොම එකයි, පාර්ලිමේන්තු ඇවිත් ශාසනේ විනාශකරනවා..
මේ වැඩවලින් අපහසුතාවයට පත් වන්නේ, එදිනෙදා අපට හමුවන දකින සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාය. දැන් ඇති... ව්‍යවස්ථා සංශෝධයෙන් භික්ෂු දේශපාලනය තහනම් කළ යුතුය. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලා හඬක් නගන්න. විය යුත්තේ එයයි.
මෙකේ සභාපති ඉන්නෙත් මිනීමැරුම් 5ක් කරපු පුද්ගලයෙකි. තාම නඩුවලට උසාවි යනවා. සුද්දෙක් හදලා දීපු හෝටලේ විකුණලා තමයි දේශපාලනයට ආවේ... කිසිම විනයක් නැති නම් මේ පක්ෂය තහනම් කළ යුතුය.
මේ පක්ෂෙට ඡන්දෙ දීපු අයට ගහන්න ඕනෑ.
නිකාය තුනේ හිමිවරු ඡන්දයක් තියලා තීරණය කරන්න කව්ද යන්නේ කියලා.. ගිහියන් පටලවන්නේ නැතුව...
ඔබ වහන්සේ නිවැරදියි.. පාතාලකරුවන්, රස්තියාදු කාරයින් ඒ උතුම් චීවරයේ ගෞරවය කෙළෙසනවා. සිවුර කියන්නේ පූජනීය දෙයක්.. ඒ උතුම් වස්ත්‍රයට බෞද්ධයින් දණ නමා වන්දනා කරනවා. ඒ උතුම් සිවුරට මුවාවෙලා ඇතැම් අය කරන්නේ ධර්මයට ගැරහීමයි. මේවා නවත්වන්න මහානායකවරු කෝ? දේශපාලකයින්ට පිරිත් නූල් බඳින එක නෙමෙයි බුදුදහම කියන්නේ...
හැමදුරුවනේ ඕක ඡන්දෙට කලින් කිව්වනම් නේද හොඳ.?
බුදුන් වදාලේ සංඝයාට දේශපාලනය අකැප බවයි.
අනේ සාදු...!!!
පැවිද්දෝ ගිහිගෙයින් ඇවිත් අවවාද කරනවා. බලන්න ලස්සනයි.
කහ සිවුරු යටින් පාතාලයෝ ඉන්නවා කියලා මහ නාහිමි පිළිගන්නවා එහෙනම්... අනේ බුදුසසුනට ගිය කලක්...
අපෝ මේ අපේ හාමුදුරුවන් වහන්සේ පැහැරගෙන ගොස් පිස්තෝලයකින් ගහපු ආරම්භයේම පව් පුරවා ගත්තා. එක සිංහල බෞද්ධයෙක් දෙන්න එපා සහයෝගයක්...
එක කකුලුවෙක් තව කකුලුවෙක්ට කෙලින් යන්න කිව්වලු....