
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ජනබල පක්ෂයට හිමිවූ පාර්ලිමේන්තු අසුන බෙදාගන්නට නොහැකිව බෞද්ධ සමාජය අපහසුතාවට පත්කරමින් භික්ෂූන් වහන්සේලා හැසිරීම ගැන මහා නායක ස්වාමින් වහන්සේලා සහ ශාසනභාර ස්වාමීන් වහන්සේලා වගකිව යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
'ස්වාමීන් වහන්සේලාගේ වගකීම ඉටුවනවා නම් මෙවැනි අර්බුද පැනනගින්නේ නෑ. ස්වොපහාස, අශාසනික, අධර්මවාදී සහ සමාජ වීරෝධී ක්‍රියාවන් අනාගතයේ දී වළක්වන්න මහානායක ස්වාමින් වහන්සේලා මීට වඩා ශාසනානුලෝමිකව තමන්ට පැවරුණ වගකීම මැනවින් ඉටුකළ යුතුයි' යැයි සෝභිත හිමියෝ පැවසූහ.
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ. එහිදී අදහස් දැක්වූ සෝභිත හිමියෝ මෙසේ ද කීහ.
''අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් මතුවී ඇති අර්බූදකාරී තත්ත්වය ගැන හැම දෙනාගේම දුකට කළකිරිමට හේතුවක් වී තිබෙනවා. වගකිව යුතු පාර්ශව වලට අපි කියන්නේ සාමකාමීව, බෞද්ධ න්‍යාය ධර්මයන්ට අනුව සමාදානව, කාරුණිකව ක්‍රියාකරන්න කියලා. මේක තවදුරටත් ඔඩු දුවන්න ඉඩ දෙන්න එපා.
'ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතික වීරයෙක්, උන්වහන්සේ පාර්ලිමේන්තු යා යුතුමයි' කියලා වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් වූ අතුරලියේ රතන හිමියන් කලින් කිව්වා අපට මතකයි. තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් ආශාවක් ඇත්තේ නෑ කියලා රතන හාමුදුරුවෝ පැහැදිලි කළා. මෙන්න මේ වචනය ඉතාම වැදගත්. ඒ අනුව ක්‍රියා කිරිම තුළින් මේ ප්‍රශ්නයට විසඳුමක් තියනවා කියන එක වැඩි දෙනාගේ මතයයි.
මේ පක්ෂයට 67,000ක් ඡන්දය දුන්නා. නමුත් මේ ප්රශ්නය 67,000ට සීමාවුණ එකක් නෙවෙයි. සමස්ත බෞද්ධ සමාජයටම, ගිහි පැවිදි හැම කෙනාටම, බලපාන ප්‍රශ්නයක්. එයින් මේ කාතුලත් ඇතිවෙලා තියෙන්නේ කළකිරීමක්. දුකක්. වේදනාවක්. එය බෞද්ධ සමාජයට විදින්න ඉඩ නොදී නායකත්වය ගෙන ආදර්ශවත් ලෙස අතුරලියේ රතන හිමි ක්‍රියාකළොත් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙයි කියලා අපි හිතනවා.
බලලෝභය බළකාමය කියන සංකල්ප අපි ප්‍රතික්ෂේප කරන දේවල්. භික්ෂූත්වයට, ධර්මයට, පරාර්ථයට මුල්තැන දීලා ක්‍රියා කළොත් මේ ගැටලුවට ඉතාමත් ඉක්මණින් විසඳුම් ලැබෙනවා කියලා විශ්වාසයකුත් අපට තියනවා'' යැයිද ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලිවම එය එසේමයි... භික්ෂූන් සිවුර දරාගෙන බුදුදහමේ ගෞරවය විනාශ කරනවා. බිස්නස් කරනවා. දහම විකෘති කරනවා. මේ සියල්ල වෙද්දී මහනායක හිමිවරු පිරිකර අරගෙන බැහැදකින්න එන තක්කඩි දේශපාලකයින්ට ආශීර්වාද කරමින් ඉන්නවා. ආගම අයාලේ යන එකට කිසිම ගාණක් නැහැ. නායකත්වයක් නැති මහනායක හිමිවරුන්ගෙන් ඇති ඵලය කුමක්ද?
ඔබ වහන්සේ වගකිව යුතුයි ඔය අවුලට... ඔබවහන්සේ ඇතුළු කීප නමක්නේ මුලින්ම පාර්ලිමේන්තුවට ගිහින් ඔය වැරදි පූර්වාදර්ශය ඇති කළේ...
උදේ ඉඳලා රෑ වෙනකම් උපාසකයින්ට බණ කියවනවා. රෑ එළිවෙනකම් වෙන වැඩ කරනවා... මේ ගැන ඔබවහන්සේලාගේ අදහස් කොහොමද?
මහානායක යැයි කියන අයගේ හැසිරීම ගැන වගකිව යුත්තේ කවුද?
මා හිතන හැටියට මුස්ලිම් ජනයාට කල හිංසාවේ ප්‍රතිඵලයක් වෙන්න ඕනෑ අපේ හාමුදුරුවනේ. වෙනත් අන්තවාදයක් ගැන කතා කරන්න ගිහින් අන්තිමට සිංහල අන්තවාදීන්ටම බෙදාගන්න බැරිවෙලා.
ස්වාමීන් වහන්සේලා දේශපාලන වැඩවලින් අයින් වුණා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ කියලා නොකියන්නේ මොකද... අපේ හාමුදුරුවනේ?
කැපී පෙනීම උදෙසා ස්ථාවර තැන් අස්ථාවර කිරීම තමයි ඔවුන්ගේ මූලික ඉලක්කය...
සසිකා නමින් පෙනී සිටින අන්තවාදියාගේ වෛරී අදහස් මෙහිදී හොඳින් පෙන්නුම් කර තිබෙනවා. අහිංසක මිනිස්සු බෝම්බ පුපුරවා මරා දැමුවේ මුස්ලිම් අන්තවාදීන්... අද ලොකයේ වැඩියෙන්ම මිනී මරන්නේ මුස්ලිම් අන්තවාදීන්.
සාමකාමීව ප්රශ්නය විසඳා ගත යුතුයි. නැතිනම් පසු කාලීනව ස්වාමීන්වහන්සේලාට ඡන්දය දීමෙන් ජනතාව වැළකී සිටිනු ඇත.
අන්තිමට බුදුරජාණන් වහන්සේ වගකිව යුතුයි කියලත් කියයිද?
ජනාධිපතිතුමා, ‘එක රටක්.., එක නීතියක්‘ කියපු නිසා තමයි මෙයාට තදවෙලා දැන් කොහොමහරි ‘සංඝ නීතිය වගේ වෙනම නීතියක්‘ කරගන්න දඟලන්නේ!!! මෙව්වා හරි උප්පරවැට්ටි... අද පන්සල්වල සිද්ද වෙන නොමනා ක්‍රියා කිසිම මුඩුක්කුවකවත් සිද්ද නොවන දේවල්... ජනාධිපතිතුමාට සහ ළමා ආරක්ෂක නිලධාරීන්ටත්... මේ අදහස කියවීමට ලැබේවා..!!!
කවුරු මොනවා කිව්වත් ලංකාවත් වලපල්ලේ, ඉන්න ජාතිනුත් විනාසයි, ශාසනයත් විනාසයි... ඔය තත්වෙන් ගොඩගන්න කෙනෙක් ලංකාවේ නම් නැතිබව ස්ථිරයි.
එදා මැණික් පුටුවට, අද වාහන බලපත් පුටුවට... එළ එළ...
අපේ රටට ‘ළමා අපචාරය‘ කියලා දේකුත් ලැබිලා තියෙන්නේ මේවායේ අනිටු ප්‍රතිවිපාක නිසා... බුද්ධ පුත්‍රයින් සහ සංඝ ශාසනේ කියලා මොකක්ද එහෙනම් මේ කරන බොරුව?
ඒ ගොල්ලෝ කරන්නේ දේශපාලුවන්ගේ පූජා, පිරිකර බාරගන්නෙකයි, පිරිත් නූල් බඳින එක පමණයි. ඉන් එහාට ශාසනයට කළ දෙයක් අහලා නැත.