
(අශෝක තිලකරත්න)
මත්තල විසි දෙකේ හන්දිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම ආසන්නයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරෙන් යතුරුපැදියේ පසුපස ආසනයේ ගමන් ගත් පුද්ගලයකු අද(20) මිය ගොස් ඇති බව ලුණුගම්වෙහෙර පොලිසිය කියයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ පහළ මත්තල වම් ඉවුරේ පදිංචි 74 හැවිරිදි කංකානම් පතිරණගේ බාලමහත්තයා නැමැති සිව්දරු පියෙකි.
එම තැනැත්තා බරපතල තුවාල සහිතව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිසිය පවසයි.
මෝටර් රථය පැදවූ වෛද්‍යවරිය සහ යතුරුපැදිය පැදවූ තැනැත්තා හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
මියගිය අයගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද සිදුකෙරිණි. ලුණුගම්වෙහෙර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු මෙම අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd