
(හර්ෂණ තුෂාර සිල්වා)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා උපදේශක කමිටුවක් පත් කිරීමට අද (20) පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීන්දුවක් ගෙන ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ඊට අදාළ යෝජනාව කර ඇති අතර පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම යෝජනාව ස්ථීර කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්විණි.
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් අධ්‍යයනය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය දැනුම් දීම සඳහා එම කමිටුව පත් කෙරෙනු ඇත.
ඊට අදාළ නම් ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙන බව ද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd